පොලිසිය සඳහන් කරයි. දැරිය මේ වනවිට පානදුර මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. දැරියට පෙවූ බවට සැකකරන පෙති 20ක් එම නිවසේ තිබී පොලිසිය භාරයට ගත් බවත් දැරියගේ මව පෙරේදා 20 වැනිදා පානදුර දකුණු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැටලීම් අංශයේ වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන සැරයන් චන්දන ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියේය.
අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති පානයට දැඩිව ඇබ්බැහිව සිටින සැකකරු ඔහුගේ මිතුරන් සමග එම නිවසේ ඒවා පානය කිරීමට පුරුදුවී ඇතැයි සිදුකළ විමර්ශනවලදී හෙළිවූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරු දැරියට පානය කිරිමට සැලසු බව කියන නිවසේ තිබී සොයාගත් පෙති වැඩිදුර පරික්ෂණ සඳහා ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමු කරන බව පොලිසිය කියයි. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටී.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-