වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ දිසා වන නිලධාරීනි දේවානි ජයතිලක මහත්මිය ඇය සතු එකම ඉඩම ලංකාගම ඉඩමකට හුවමාරු කරගැනීමට කැමති බව තම මුහුණු පොතෙහි (ෆේස්බුක්) සටහන් කර ඇත. තම ඉඩම ලංකාගම ඉඩමකට හුවමාරු කරගෙන එසේ ලබාගන්නා ලංකාගම ඉඩම සිංහරාජ රක්ෂිතයට
පැවරීම ඇගේ අරමුණ බව ද ඇය එහි සටහන් කර තිබේ. ඇය සිය මුහුණු පොත් ගිණුමේ මෙම සටහන තැබීමෙන් පසු තවත් බොහෝ දෙනෙක් ඇය හා එක්වෙමින් සිංහරාජ අඩවියට පැවරිම සඳහා ලංකාගම ඉඩම් තම ඉඩම් සමග හුවමාරු කරගැනීමට කැමැත්ත ද පළ කර තිබේ. දේවානි ජයතිලක මහත්මිය පසුගිය දිනවල දැඩි කතාබහට ලක් වූ වන නිලධාරිනියකි. ඒ මීගමුව ප්‍රදේශයේ කඩොලාන පද්ධතියක් විනාශ කරමින් ක්‍රීඩා පිටියක් ඉදිකිරිම සඳහා වූ යෝජනාවකට ඍජු ලෙස විරෝධය පළකරමින් වර්තමානයේ රාජ්‍යය අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන සනත් නිශාන්ත මහතා සමග මතගැටුමක යෙදුණු සිද්ධියක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟය.
“ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරිමට කැමති. හුවමාරුවට කැමති අයෙක් අමතන්න යනුවෙන් ඇය සිය මුහුණුපොත් ගිණුමෙහි සටහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී දේවානි ජයතිලක මහත්මිය පැවසුවේ තමන්ට අයත් කෑගල්ල ප්‍රදේශයේ ඉඩමක් මෙසේ හුවමාරු කරගැනීමට තීරණය කළ බවයි. එහි කැලැවක් නිර්මාණය කිරිමට තමන් සැලසුම් කර තිබූ බවත්, කුඩා කැලෑවක් නිර්මාණය කිරිමට වඩා සිංහරාජය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් යමක් කිරිම වැදගත් යැයි සිතුණු නිසා මෙම තීරණය ගත් බව ද ඇය කීවාය. ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන තමන්ට සිංහරාජය වෙනුවෙන් රාජකාරි මට්ටමින් යමක් කළ නොහැකි නිසා පෞද්ගලිකව හෝ එයට දායකවීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද ඇය පැවසුවාය.
-ඩයනා උදයංගනී-