ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔක්තෝබර් 01 වැනි දින සිට වැඩිහිටියන්ට දහම් පාසල් ක්‍රමයක් ආරම්භ කරන බව සදහම් මිතුරෝ සමිති සම්මේලනය සඳහන් කරයි. වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට මේ සඳහා
සම්බන්ධ වී බුදුදහම පිළිබඳව ගැඹුරින් හැදෑරීමට අවස්ථාව හිමිවන බවත්, පළමු අදියර යටතේ විහාරස්ථාන හා පොදු ස්ථාන පහළොවක වැඩිහිටි දහම් පාසල් ආරම්භ කරන බවද එම සංවිධානයේ සභාපති පූජ්‍ය දෙනගම ධම්මරතන හිමියෝ අවධාරණය කළහ.
සමාරම්භක උත්සවය නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වෙන අතර, දිනකට පැය දෙකක් වශයෙන් දහම් පාසල පැවැත්වෙන බවත්, සියලුම කටයුතු නොමිලේ සිදුකරන බවද පවසා සිටියහ.
ලංකාවේ ඕනෑම ස්ථානයක දහම් පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බැවින් වැඩි විස්තර අංක 69, දෙවන මහල, වැලිකඩ ප්ලාසා ලිපිනය පිහිටි ස්ථානයට පැමිණ හෝ ලිපියක් යොමු කිරීමෙන් ලබාගත හැකි බවද අවධාරණය කළහ. මීට පෙර වැඩිහිටි දහම් පාසල් ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව කතාබහක් ඇතිවී තිබුණද, එය විධිමත්ව සිදුකිරීමට නොහැකි වූ බවත්, මාස තුනක කාලයක් සිදුකළ අත්හදා බැලීම්වලට අනුව විධිමත් ආකාරයට වැඩිහිටි දහම් පාසල් ක්‍රමයක් ආරම්භ වන පළමු අවස්ථාව මෙය බවද උන්වහන්සේ කියා සිටියහ.
- ඉන්දික හේවාවිතාරණ -