ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු වන මහාචාර්ය ඒ.එච්. ෂෙරෆ්ඩිස් මහතා ඉතා සිත් වේදනාවෙන් යුතුව ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයට මෑතක දී ලිපියක් යවා තිබේ. එම ලිපිය සංගමයේ සියලුම සාමාජික වෛද්‍යයවරුන් අතරේ බෙදා හරින්නැයි ද ඔහු ඉල්ලීමක් කර තිබුණේය. මහාචාර්ය ෂෙරෆ්ඩීන් යැවු ලිපියේ සිංහල අනුවාදය මෙසේය. ඉකුත් අගෝස්තු මස 22 වැනි සෙනසුරාදා සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ සිත් වේදනාවෙන් මම මේ ලිපිය ලියමි. ඇපෙන්ඩිසයිටීස් රෝගය වැළඳුණු දැඩි ලෙස
රෝගාතුර වූ වයස අවුරුදු 10ක පමණ පිරිමි දරුවකු එදින පෙරවරු 11 ට පමණ මට මුණ ගැසිණි. පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වියදම් දැරීමට නොහැකි බව ළමයාගේ මව කීවාය. මම ඇයට රිජිවේ ළමා රෝහලට යන්නැයි කියා ලිපියක් දුන්නෙමි. දරුවාට එහිදී නොවරදවාම අවශ්‍ය රැකවරණය ලැබෙන බව මම ඇයට සහතික කර කීවෙමි.දරුවාගේ මිත්තනිය හඬමින් කියා සිටියේ කනකර ආභරණ උකස් කර හෝ පෞද්ගලික රෝහලකට යාමට තමන් කැමති බවය. අපේ වෛද්‍යවරුන් ගැන මට දැඩි විශ්වාසයක් ඇති බවත් ළමා රෝහලට යන ලෙසත් මම නැවත ඔවුන්ට සහතික කර කීවෙමි.
එදිනම රාත්‍රී 7.30 ට පමණ දරුවාගේ පියා මට දුරකථනයෙන් ඇමතුමක් දුන්නේය. ඔහු කියා සිටියේ උණ්ඩුක පුච්චය පුපුරා ගොස් ඇතැයි වෛද්‍යවරුන් කියන බවය. දරුවාට ශල්‍ය කර්මයක් කළ යුතු නමුත් ඒ වන විට රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු නොමැති බවත් ඔවුන් කියන බව ද පියා මට කීවේය.
ළමා රෝහලේ ඒ වන විට සිටි වෛද්‍යවරුන් කිසිඳු විසඳුමක් ලබා දී තිබුණේ නැත. රාත්‍රියේ හදිසි ශල්‍යකර්ම මා නොකරන බව මම ඔවුන්ට කීවෙමි. පෞද්ගලික රෝහල් කීපයක නම් මම ඔහුට කීවෙමි. දරුවාගේ පියා බෙහෙවින් කලබලයට පත්ව සිටියේය. ඔහුගේ බලාපොරොත්තු සුන් වී ඇති බවත් මට දැනුණේය. මා දැඩි සිත් තැවුලට පත් වූයේ එම අවස්ථාවේදීය. මා මගේ කාලය නාස්ති කර ගත්තේ මක් නිසා දැයි මම මගෙන්ම නැවත විමසා ගතිමි. වෘත්තිය නිපුණතාව ගැනත් ආචාර ධර්ම ගැනත් කියමින් මා කාලය නාස්ති කර ගත්තේ ඇයිදැයි මම මගෙන්ම විමසා ගතිමි. ශල්‍යකර්ම වලදී වෘත්තිය නිපුණතාවය හා ආචාර ධර්ම නම් ග්‍රන්ථය ඉදිරිපත් කළ කමිටුවේ මූලාසනය දරමින් මා කාලය නාස්ති කළේ ඇයි? මෙම සිද්ධියට අදාළ මුළු වාතාවරණයම එහි දෙවැනි පරිච්ඡේදයේ රෝගී සත්කාරය සමස්තයක් ලෙස කොටසේ දක්වා තිබේ.
මේ වෙද්‍යවරුන්ට හෝ ඔවුගේ ඥාතීන්ට මෙවැනි හදිසි ශල්‍යකර්මවලට භාජනය කළ යුතු දරුවන් නැත් ද? තමන්ගේ දරුවකුට මෙවැන්නක් සිදු වුව හොත් එම වෛද්‍යවරුන් කුමක් කරන්නේ ද? කාලීනව හඳුනා ගත් උසස් වෛද්‍ය ක්‍රම යාවත්කාලීන ක්‍රම රොබෝ ශල්‍ය ක්‍රම උපදේශන වැඩසටහන් විද්‍යාත්මක සැසි වැඩමුළු ආදිය ගැන කතා කරමින් අප කාලය නාස්ති කරන්නේ කුමකට ද? රටේ ප්‍රමුඛ ළමා රෝහලක අවුරුදු 10ක් වයසැති දරුවකු ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු නොමැති වීම නිසා උණ්ඩුක පුචය පපුරා මිය ගිය හොත් එය කුමන තත්වයක් ද? මුළු ශ්‍රී ලංකාව පුරාම තත්වය මේක ද? මගේ ශල්‍ය වෛද්‍ය මහාචාර්යවරයා වූයේ මහාචාර්ය මිල්රෝයි පෝල්ය. ඒ 1960 ගණන් වලදීය. රිජ්වේ රෝහලේ ඔහුගේ ශල්‍ය වාට්ටුවක් විය.
ඩිප්තිරියාවෙන් හා ස්වරාලයේ ආබාධයෙන් පෙළෙන දරුවකුට සැත්කමක් කිරීමට ඔහු පැරණි රිලේ කාරය පදවාගෙන හදිසියේ රාත්‍රියක පැමිණියේය. කළු කලිසමකින් හා රාත්‍රී භෝජන සංග්‍රහයකට යෑමට සැරසුණු ඇඳුමින් ඔහු රාත්‍රී 10 ට පමණ පැමිණියේය. අනිවාර්යයෙන්ම ඔහු පැමිණියේ නැටුම් සහිත රාත්‍රී භෝජන සංග්‍රහයක සිට විය යුතුය. එකල දියුණු ජංගම දුරකතන තිබුණේ නැත. ඔහු තමා සම්බන්ධ කර ගත හැකි ස්ථාවර දුරකථන අංකයක් වාට්ටුවේ තබා ගියේය. ඇතැම් විට රෙජිස්ට්‍රාර් ටැක්සියකින් හෝ කාරයකින් පැමිණ ඔහු රෝහලට කැඳවාගෙන ආවේය. ඔහුට බාල් නැටුමටත් රාත්‍රී භෝජනයටත් වඩා රෝගියා වැදගත් විය.
රජයෙන් වෛද්‍යවරුන්ට තීරු බදු රහිත වාහන දී ඇත්තේය. ජංගම දුරකථන දී ඇත්තේය. ඔවුන්ට මේ වන වට සන්නිවේදන ගැටලු නැත. මේ දරුවාට සත්කාරය අවශ්‍ය වෙලේ එය කළත් නොහැකි වූයේ නම් එවැනි සුඛෝපභෝගී කාර් වලින් පළක් නැත. සියල්ල සිදු වූයේ වෛද්‍යවරුන්ගේ කැපවීම මද නිසාය. කැපවීමට රැයක් දවාලක් නැත. විශ්වාසය කඩා නොකිරීමට වෛද්‍යවරුන් වග බලා ගත යුතුය. මේ රටේ ජනතාව ඔබ වෙත තබා ඇති විශ්වාසය කඩ වීමට ඉඩ නොහරින්න දෙවියන්ගේ නාමයෙන් විශ්වාසය කඩ නොකරන්නට වග බලා ගත්තා. මේ සඳහා හේතු දැක්වීම් විමර්ෂන පැවැත්වීම් වලින් එලක් නැත.
අවශ්‍ය වන්නේ හැඳියාවේ සංස්කෘතියේ පරමාර්ථ වෙනසකි. එම දරුවා මේ වන විට සුව ව වී සිටිය හැකිය. එහෙත් මෙම කාරණයේ දී එය අදාළ නොවේ. ඇපෙන්ඩිසයිටිස් උදරාබාධ සාමාන්‍ය රෝග විකලාංග චිකිත්සා ස්නායු ශල්‍ය ක්‍රම, මුත්‍රා රෝග හෘද රෝග ආදිය සඳහා තවත් නිදහසට කරුණ තිබිය හැකිය.
ඒවායේ නිමක් නොතිබේ ද? මේ ලිපිය මා ලියන්නේ මගේ සිත් වේදනාවට පිළියමක් ලෙසයි. මට දැනුණු අප්‍රසාදය ඉන් ඉවත් නොවේ. වෛද්‍ය පරිපාලකවරයකු වරක් මෙසේ කීවේය. මිනිස්සු මිය යති. එය නැවැත්විය නොහැකිය. අපටත් අපේ රෝගීන්ටත් දෙවියෝ පිහිට වෙත්වා. එම ලිපිය පිළිබඳව අදහස් දැක් වූ වෛද්‍ය ජයේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ එහි අන්තර් ගත කරුණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇරඹීමට බලාපොරොත්තු වන බවය.
(පරිවර්තනය -සමන් පුෂ්ප ලියනගේ)