ෆේස් බුක් හරහා දැන්වීම් පළකර ඉතා සූක්‍ෂම අයුරින් රාජගිරිය පෞද්ගලික බැංකුවක් අසල පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පෙරේදා (05) වැටලූ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය එහි
කළමනාකාරිණියක සහ ගණිකා වෘත්තියේ නියලූනු කතුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම විමර්ශන අංශ නිලධාරීන් උපාය දූතයන් ලෙස ෆේස්බුක් ගිණුමක සඳහන් දුරකථන අංකවලට අමතා ගණිකා ඇසුර සඳහා යන ලෙස ගොස් අදාළ ගණිකා නිවාසය වටලා සැකකාරියන් කොටුකර ගෙන තිබේ.

අවුරුදු 20 ත් 32 ත් අතර වයසේ පසුවන සැකකාරියන් මොනරාගල, අම්පාර, සීදුව යන ප‍්‍රදේශවල පදිංචිකාරියෝ ය.

මෙම ගණිකා ඇසුර පතා පාසල් සිසුන් හා තරුණයන් වැඩි වශයෙන් පැමිණ ඇතැයි හෙළි වූ බව ද එම අංශය කියයි.

මෙම ගණිකාවක් රුපියල් පන්දහසේ සිට ඉහළට අලෙවි වී ඇතැයි හෙළිවිණැයි ද එම අංශය පවසයි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රදීප් වික‍්‍රමරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක හේවගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක වීරතුංග ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප‍්‍රනාන්දු