20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ නිවැරදි විය යුතු කරුණු කිහිපයක් පවතින බවට නිරීක්ෂණය වන බව යුතුකම සංවිධානයේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පැවසීය.
ඒ අතර ප්‍රධාන කරුණක් වන්නේ, 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හා රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාවට තිබූ සීමාව ඉවත් කිරීම බවද කුමාරතුංග මහතා ප්‍රකාශ කළේය.
"යුතුකම සංවිධානය විදියට අපි 20වැනි සංශෝධනයේ නිවැරදි විය යුතු අංග ඇති බව දුටුවා. ඒ ගැන අපි නිරීක්ෂණය කරමින් ඉන්නේ. එය සිදු කළ යුත්තේ, දැනට පවතින 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමගයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති කැබිනට් අමාත්‍යවරුන් 30කට නොවැඩි විය යුතුය, රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 40කට නොවැඩි විය යුතුය යන වගන්තිය ඉවත් කිරීම එතරම් යෝග්‍ය නොවන බව අපට හැඟී යනවා. නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු නවක මන්ත්‍රීවරුන් සඳහා පැවති දින දෙකක වැඩමුළුවේ එක් දිනයක ප්‍රධාන ආරාධිතයා විදියට පැමිණි මහින්ද රාජපක්ෂ මහත්මයා පවා කිව්වේ, 'ජනතාව ඔබලාව පත් කරලා එවලා තියෙන්නේ මන්ත්‍රීවරුන් විදියට ඔවුන්ගේ නියෝජනයක් ලෙස ජනතාවට සේවය කරීමයි මූලික විය යුත්තේ. ඒ සඳහා ඇමතිවරයෙක් වෙන්නම අවශ්‍ය නෑ" කියන එක.
අමාත්‍ය මණ්ඩල සීමා ඉවත් කිරීම තුළින් නැවතත් කප්පම් දේශපාලනයට ඉඩ හැදෙනවා. මුදලට මන්ත්‍රීවරුන් විකිණෙන පසුබිම හැදෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනය සමඟ එම කරුණ 20 වැනි සංශෝධනයෙන් ඉවත්කර තිබීම සුදුසුයි කියලා අපි දකින්නේ නෑ" යනුවෙන්ද ප්‍රකාශ කළේය.
- නවෝද්‍යා පවනි -