ඊයේ නාරාහේන්පිට නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලයකට ජනපති ගෝඨාභය රාජපක්ෂ හදිසි කඩාපැනීම් නිරීක්ෂණයක් සිදු කළේ එහි දෙවරක් ගියද කටයුතු හරියාකාරව කරගන්නට බැරිවූ කාන්තාවකගේ පැමිණිල්ලක් මතය.
කාර්ය මණ්ඩලය ප්රමාණවත් නැතැයි හේතු දක්වා එකී කාන්තාවගේ ඉල්ලීම ඉටු කිරීම ප්රමාද කර තිබූ නමුත් ජනපති ගොස් බලද්දී ප්රමාණවත් තරම් කාර්ය මණ්ඩලයක් සිටියදී උදාසීනකම මත බොරු කියා රාජකාරී වැඩ ප්රමාද කර ඇති බව නිරීක්ෂණය විය.
පැමිණිල්ල කළ කාන්තාව
එම අවස්ථාවේම ස්පීකර් ෆොන් දමා සම්බන්ධ කරමින් පැමිණිල්ල විභාග කිරීමට ජනපතිවරයා කටයුතු කළේ මීට කලකට ඉහත රන්ජන් රාමනායක සිදු කළ ඇතැම් වැඩ සිහිපත් කරමිනි.
ආයතන බලධාරිනියක ලෙස ජනපති ඉදිරියේ කතාකරන්නට ආ කාන්තාව පැමිණිලි කළ කාන්තාවගේ ඇමතුමට පිළිතුරු ලෙස විවිධ හේතු දැක්වූ නමුත් ඇයට අවලාදයෙන් ගැළවීම අපහසුවිය.
ආයතනයෙන් එළියට ගියවිට එහි ආබාධිත පුද්ගලයෙකුද වැඩක් කරන්නට පැමිණ පැය ගණනක් ගෙවීගොසිනුත් එය ඉටු කරගත නොහැකිව අපහසුතාවයෙන් සිටිනු හඳුනාගන්නට ලැබිණි.
මෙම විෂය භාරව රාජ්ය ඇමතිවරුන් හා කැබිනට් ඇමතිවරුන් සිටියත් ජනපති පුද්ගලිකව මැදිහත්වී මෙම ස්ථානයේ කඩා පැනීම සිදු කරන්නට ඇත්තේ අකාර්යක්ෂම රාජ්ය සේවය ගොඩනගන්නට අනෙක් ආයතනවලටත් අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කරන්නට විය හැකිය.
මින් ඉහත වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයටද ජනපති ගොඩවැදී මෙවැනි නිරීක්ෂණයක් සිදු කළ පසු යාන්ත්රණය සැකසී ගිය බවට වාර්තා පළ විය. කෙසේ වෙතත් ඇතැමුන් අදහස් දක්වන්නේ මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය මේ වනවිට නැවත අකාර්යක්ෂම වී ඇති බවකි.