ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඒ අනුව ග්‍රාම නිලධාරින් අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වාත්, සෙනසුරාදා දහවල් 12 දක්වාත් මහජන සේවය සඳහා කාර්යාලවල රැඳී සිටිය යුතුයි.
සඳුදා දිනයේදී ග්‍රාම නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කැඳවීම අවශ්‍යතාව අනුව සිදු කළ යුතුයි. " ඉතිරි දින තුනෙන් එක් දිනයක් ග්‍රාම නිලධාරින්ට විවේක ගත හැකියි. අනෙක් දින දෙක ක්ෂේත්‍ර රාජකාරි සඳහා යොදාගත යුතු බව ද චක්රලේඛයෙන් දැනුම්දී ඇත. නව විධිවිධාන ඔක්තෝබර් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
-රංජන් කස්තුරි-