කොළඹ සිට කළුතර දක්වා ගැඹුරු මුහුදේ ජලය තද කොළ පැහැවීම සම්බන්ධයෙන් අදාළ සාම්පල ලබා ගනිමින් පරීක්ෂා කිරීම ආරම්භ කළ බව
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා) සඳහන් කළේය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමට එම ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ජල සාම්පල මෙන්ම එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ධීවරයන්ගේ දැල්වලින් සහ බෝටුවල සාම්පල්ද ලබාගත් බවත්, එමෙන්ම එම මුහුදු ප්‍රදේශයෙන් අල්ලාගත් මසුන්ගේ කරමල්ද පරීක්ෂා කිරීම සඳහා යොදාගත් බවත් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ පරිසර අධ්‍යයන අංශයේ, අංශ ප්‍රධානී ප්‍රධාන විද්‍යාඥ ශ්‍යාමලී වීරසේකර මහත්මිය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් ධීවරයන් කළ දැනුම්දීමට අනුව නාරා ආයතනයේ පරිසර අධ්‍යයන අංශයෙන් සහ අභ්‍යන්තර ජලජීවී වගා අංශයෙන් විද්‍යාඥ කණ්ඩායමක් ගොස් මේ පිළිබඳ පරීක්‍ෂා කර බැලූ බවත්, එය නීල හරිත ඇල්ගී විශේෂයක් වර්ධනය වීමක් ලෙස සැකකරන බවත් ඒ මහත්මිය සඳහන් කළාය.
මෙලෙස මුහුද තද කොළ පැහැයක් ගෙන ඇත්තේ වෙරළේ සිට කිලෝමීටර 17ක් පමණ දුරින් වන ගැඹුරු මුහුදේ බවද පැවසූ ප්‍රධාන විද්‍යාඥ ශ්‍යාමලී වීරසේකර මහත්මිය, වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවාය.
"මේ සම්බන්ධයෙන් ධීවරයෝ සහ ධීවර අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්‍ෂවරුන් දැනුම් දුන්නා. ධීවරයෝ සමග කතා කළා. ඔවුන්ගේ දැල්වල නානුමය ගතියක් සහිත කොළපාට දියරමය, ඇලෙස සුළු දෙයක් තියෙනවා අපි දැක්කා. ධීවරයෝ කියපු ආකාරයට එය ඈත මුහුදෙන් හමුවුණ දෙයක්. වෙරළ තීරයේ සිට කිලෝමීටර 17 ක් ඈතින් මුහුදේ තමයි මේ දේවල් හමුවෙලා තියෙන්නේ. එම ප්‍රදේශයට ගෙන ගිය දැල් සියල්ලේම මේ දේ දකින්නට තිබෙනවා. මෙය ඇල්ගී විශේෂයක් කියලා අපි සැක කරනවා. මොකද මෙය ඩයි විශේෂයක් වෙන්න බැහැ. එහෙම වුණා නම් එය ඈත දියඹට පමණක් සීමා නොවී. වෙරළ තීරය දක්වා පැමිණිය යුතුයි. එය ඩයි වර්ගයක් නම් ධීවරයෝ කියපු ආකාරයට නානු වගේ ඇලෙන්නත් බැහැ.
මේ නිසා අනිවාර්යයෙන්ම එය ඇල්ගී විශේෂයක් කියලා අපි සැක කරනවා. පෝෂණ ද්‍රව්‍ය වැඩි වුණ විට උඩුමන්ඩ් ආකාරයට හැදෙන සමහර ඇල්ගී විශේෂ තිබෙනවා. ධීවරයන්ගේ අත් කකුල් දිහා බලපුවාම ඒවා ගොඩාක් තද පාටට බැඳිලා තියෙනවා. හොඳින් සේදුවත් ඉවත් වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට ආසාත්මිකතාවක් ඇති වෙලා නැහැ. මේ දේවල් නිරීක්‍ෂණය කළ විටත්, එය ශාක යුෂ කියලා අපි සැක කරනවා.
මෙයට අදාළ ජල සාම්පල වගේම දැල්වලින් සාම්පල්, බෝට්ටුවල සාම්පල් ලබා ගත්තා. ඒ වගේම මාළුන්ගේ කරමල් පරීක්‍ෂා කර බලා ඒවායේද සාම්පල් ලබා ගත්තා. මේ ගැන නාරා ආයතනයේ පරීක්ෂණ කිරීම් සිදු කරනවා. එහි ප්‍රතිඵල සමඟ සත්‍ය තත්ත්වය අනාවරණය කරගන්න පුළුවන්."
- චාමර සම්පත් -