අනෙකුත් රෝගීන් වෙත ලබාදීම තාවකාලිකව නවතා දැමූ බවද ඒ මහතා පවසා සිටියේය. පසුගිය අගෝස්තු 01 වැනිදා 154/2020 ලියාපදිංචිය යටතේ හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඩී.එස්. මාලනී නමැත්තිය මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර, ඊට දින කිහිපයකට පසු අංක 160/2020 යටතේ ලියාපදිංචි වී හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලැබූ සිටි ඩී.ඒ. සොමිනෝනා නමැත්තියද ජීවිතක්‍ෂයට පත්ව ඇත. එසේම මෙම මරණ සඳහා ලබාදුන් එන්නත සම්බන්ධයෙන් සැකයක් පැන නැගී ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අප හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුරංග උබේසිරි මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ,
අදාළ එන්නත පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කොට ඇති බවද ඒ මහතා අවධාරණය කර සිටියේය. රෝහල් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවසූයේ, මෙරටට ඖෂධ ගෙන්වනු ලබන ආයතන ගණනාවක් ඇති බවත්, ඒවා ඉතා තරගකාරව කටයුතු කරන බවත්, එම නිසා වෙනත් ආයතනවල ඖෂධ පිළිබඳ බොරු මත සමාජයට මුදාහැරීම සඳහා සමහර ආයතන කටයුතු කරන බවත්ය.
-රාහුල් සමන්ත-