2019 අප්‍රේල් 21 වැනිදා එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබද නිකුත් කර තිබූ පූර්ව අනතුරු ඇඟවීම කතෝලික පල්ලිද දැන සිටීමේ සම්භාවිතාවක් පවතින බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්
පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඒ මහතා මේ බව අනාවරණ කළේය.
හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ සාම්ප්‍රදායිකව අගරදගුරු තුමා ප්‍රධාන පාස්කු උත්සවයක් පවත්වන නමුත් 2019 අප්‍රියෙල් 21 වන දින එතුමා විසින් එවැනි මහා පරිමාණ උත්සවයක් සිදු නොකළ බවයි.
අගරදගුරු තුමා විසින් පවත්වන ලද ප්‍රධාන උත්සවයට කතෝලිකයන්ගේ සම්ප්‍රදායික සිරිතක් වුවද 2019 පාස්කු ඉරිදා කොළඹ අගරදගුරු විසින් එවැනි ප්‍රධාන උත්සවයක් පවත්වනු ලැබුවේ නැති බවද ඒ මහතා කියා සිටියේය.
ප්‍රහාරවලට අදාළ වෙනත් කරුණු පිළිබඳව සොයා බැලීමේදී එම කරුණු පිළිබඳව සොයා බලා විමර්ශනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් කීය.