බ්‍රිතාන්‍ය රාජකීය  කිරුළේ හයවැනි උරුමක්කාරයා වන හැරී කුමරු හොලිවුඩ් තිරියට පිවිසීමට සූදානමින් සිටියි. පසුගිය දිනෙක බිරිය වන මේගන් මාකල් සමඟ එක්වී හැරී කුමරු තම රජකමද අතහැර තිබුණි. ඇගේ බිරිඳ වන මේගන් ද අමෙරිකානු නිරූපන ශිල්පිනියක් බව නොරහසකි. කෙසේවෙතත් හැරී කුමරුද දැන්
හොලිවුඩ් තිරයේ රඟ දැක්වීම් සිදු කිරීමට සූදානමින් සිටීම ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙස දැක්විය හැක.

මෙම හැරී - මේගන් යුවල හොලිවුඩ් ආගමනය සඳහා මේ වනවිට මූලික කටයුතු සූදානම් කර ඇති බවත් දැනටමත් ඔවුන් හොලිවුඩ් සිනමා කර්මාන්තයට සම්බන්ධ වී විවිධ වැඩ කටයුතු වල නිරත වන බවටත් විවිධ පුවත් පල වී තිබේ.

රාජකීය රීතීන්ට අනුව විවාහයෙන් පසු මේගන් හට රංගනයට සමුදීමට සිදුවුවද ඔවුන් දෙපළ ස්වාධීනව ජීවත්වීමට තීරණය කිරීම හේතුවෙන් නැවතත් ඇයට එම ක්ෂේත්‍රයට පැමිණීමට අවස්ථාව හිමිව තිබේ. ඇය මෙසේ රංගනයට යොමුවීමට නැවතත් සූදානම් වන අතරතුර හැරී කුමරුද ඒ සඳහා දායක වීමට තීරණය කර තිබීම ඉතා සතුටුදායක පුවතක් බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබේ.

රිෂ්මි ඉෂාරා