හෙම්මාතගම පොලීසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දික ද සිල්වා මහතා ඇතුළු පොලීසියේ නිලධාරී කණ්ඩායමක් සහ හෙම්මාතගම වසම භාර ග්‍රාම නිලධාරී සෙනරත් වීරසේකර මහතා විසින් ඊයේ (21දා) එම ස්ථානයට ගොස් එම ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමෙන් පසුව එම තීරණය ගනු ලැබීය.
මේ වන විට මෙම ගොඩනැගිල්ලේ ඉරිතැලීම් කිහිපයක්ම දක්නට ඇති අතර, ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කණු කිහිපයක් අතින් සොලවන විට සෙලවෙන අයුරුද එහි පැමිණි නිලධාරින්ට නිරීක්ෂණය විය.
මෙම තෙමහල් ගොඩනැගිල්ලේ මහල් දෙකක කඩ කාමර ඇති අතර, තෙවැනි මහලේ දැනට වසර කිහිපයකට පෙර උපකාරක පන්ති පවත්වා ඇත. පවතින අවදානම හේතුවෙන් එහි පත්ති පැවැත්වීම සිදු නොකර තෙවැනි මහලට යන පිවිසුමේ ගෙට්ටුව ඉබි යතුරු යොදා වසා තිබේ.
- විජය බණ්ඩාර -