බීම බෝතල්වලින් ඉවත් කෙරෙන ටොනික්පියන් තුළ ආරක්ෂිතව බහා මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් ඇතුළු සිවුදෙනකු හෙරොයින් ග්‍රෑම් විසිතුනයි මිලිග්‍රෑම් එකසිය විසිතුනක් සමඟ ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.
මේ සමඟ සැකකරුවන් සන්තකයේ තිබූ හෙරොයින් ප්‍රවාහනය සඳහා භාවිත කෙරෙන ත්‍රිරෝද රථයක්, බැංකු කාඩ්පත් 7ක්, ජංගම දුරකථන හතක්, ජාතික හැදුනුම්පත් තුනක් සහ හෙරොයින් අලවියෙන් උපයාගත් රුපියල් 19,500ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ. හෝමාගම විදර්ශනා මාවත ප්‍රදේශයේ සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ හෙරොයින් පැකට් දෙකක් තිබී හමුවීමත් සමග ඔවුන් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරිමේදී කොළඹ අවට ප්‍රදේශ ගණනාවක ඊසි කෑෂ් ක්‍රමය ඔස්සේ හෙරොයින් ජාවාරමක නිරතවන කාන්තාවකගේ තොරතුරු අනාවරණය වී තිබේ.
අනතුරුව සැකකාරියගේ ගමන්මල්ල පරික්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් බහා ආරක්ෂිතව සකසා තිබූ බීම බෝතල්වලින් ඉවත් කරන ලද ටොනික් පියන් තොගයක් සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (24) අධිකරණයට ඉදිරිපත්ක්කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන ඉදිරි පරික්ෂණ කටයුතු පැවැත්වීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරික්ෂක අජිත් ප්‍රසන්න මහතාගේ මෙහෙයවීමෙන්, ප්‍රධාන පොලිස් පරික්ෂක ගුණසේකර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න -