පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවෙකුට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන නීතිඥ හිජාස් හිස්බුල්ලා විසින් පවත්වාගෙන යන 'සේව් ද පර්ල්’ පදනමට කටාර් රාජ්‍යයේ නීතිවිරෝධි සංවිධානයකින් රුපියල් කෝටි 1 1/4ක මුදලක් ලැබි ඇතැයි රහස්
පොලීසිය කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට 23 දැනුම් දුන්නේය. 'සේව් ද පර්ල්’ පදනමේ ගිණුම් වාර්තා පරික්ෂා කිරීමේදී පසුගිය වසර කිහිපය තුළ කටාර් රාජ්‍යයේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී සංවිධානයක් වන 'කැලිපට්' නමැති සංවිධානයෙන් එම මුදල් ලැබී ඇතැයි අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාර්හු, එම මුදල් යෙදවූයේ කුමන ක්‍රියාකාරකම් සඳහාද යන්න හෙළි කර ගැනීම සඳහා දීර්ඝ වශයෙන් විමර්ශන සිදුකරන බවද දැනුම් දුන්හ.
'කැලිපට්' සංවිධානයෙන් රුපියල් මිලියන 13කට අධික මුදල් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදුකරන බවද මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැවෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධා දැනුම් දුන්හ. හිජාස් හිස්බුල්ලා විසින් පවත්වාගෙන යන පුත්තලම 'සේව් ද පර්ල්’ මද්රසා පාසලේ තිබී සොයා ගත් 'නවසෙට් ' නමැති ග්‍රන්ථයෙන් ළමා මනසේ අන්තවාදී ආකල්ප මතු වන්නේදැයි විමර්ශනය කර වාර්තා කරන ලෙස මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් මනෝ වෛද්‍ය වාර්තාවක් කැඳවා තිබුණද, එම මනෝවිද්‍යා වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද රහස් පොලිස් නිලධා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්හ. 'නවෙසට්' නමැති ග්‍රන්ථයේ සිංහල පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරින්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන මස 07 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසද නියම කළේය.
-බුද්ධිමාල් රුබේරු-