හෝමාගම, උඩුවන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හයක දරුවෙකු මෙම අනතුරට ලක්ව තිබූ බව පොලිසිය කියයි. පෙරේදා 02 මෙම උත්සව ශාලාවේ විචාහ මංගල උත්සවයක් පැවති අතර ඒ සඳහා අනතුරට පත් දරුවා මව්පියන් සමඟ පැමිණ ඇතැයි පැවසේ.
ඒ අනුව ප්‍රතිකාර සඳහා දරුවා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ අතර එහිදී පැය තුනක පමණ කාලයක් වෙද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දරා සිහිසුන්ව සිටි දරුවාගේ ස්වසනය යථාතත්වයට පත්කිරීමට පියවර ගත් බව පැවසේ. එහෙත් දරුවාට තවදුරටත් ප්‍රතිකාර ලබා දිය යුතු නිසා ළමා විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශකොට ඇත්තේ දරුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලෙසයි.
ඒ අනුව හෝමාගම මූලික රෝහලේ සිට ගිලන් රථයකින් දරුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර එහිදී වෛද්‍යවරුන් පරික්ෂාකොට දරුවා වහාම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට පියවර ගත් බව පැවසේ. ඒ අනුව දරුවා යන්ත්‍රයක ආධාරයෙන් කෘතිම ශ්වසනය ලබා ගනිමින් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පැවසේ.
- ශාන්ත ප්‍රදීප් කුමාර -