බැරල් අටක් තුළ සිර වූ කැලිකසළ තොගයක් පහළ නාරගල පාලම අසලින් කළුගඟට බැහැර කිරීමට යාමේදී දෙදෙනකු සහ ලොරි රථයක් 17 දා අත් අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.




මෙසේ කළු ගඟට බැහැර කිරීමට රැගෙනවිත් ඇත්තේ හොරණ ප්‍රදේශයේ මංගල සාද පවත්වන හෝටල් වලින් බැහැර කරන ඉඳුල් ඛත්, බිත්තර කටු, ලන්ච් සීට්, සහ හිස් බෝතල් වැනි අපද්‍රව්‍ය තොගයක් වන අතර එම අපද්‍රව්‍ය තොගය කළු ගඟට බැහැර කිරීමට සුදානම්වන බවට පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා සහ ලොරි රථය මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය. බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති චමින්ද සිල්වා මහත්තාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක කේ.ක්. එම්. ගුණසේකර, සැරයන් 85147 අරුණ, 65544අමරසිංහ, රියැදුරු 84300 අත්තනායක යන මහත්වරු මේ පිළිබද පරික්ෂණ පවත්වති.