කේරළ ගංජා කිලෝග්‍රෑම් 42 ක්, අයිස් ග්‍රෑම් හතරක් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති කෝටිපති ව්‍යාපාරිකයා මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටල් ගණනාවක් පවත්වාගෙන යන පුද්ගලයකු බව පොලිසිය කියයි.
සැකකාර ව්‍යාපාරිකයා මත්ද්‍රව්‍ය තොග වශයෙන් ගෙනවිත් කොළඹ, කුරුණෑගල, මීගමුව, හලාවත, ගම්පහ, මාදම්පේ, ජාඇළ ආදී පෙදෙස්වල බෙදාහැර ඇතැයි මූලික පොලිස් පරික්ෂණවලදී හෙලීවී තිබේ. යාපනයේ සිට මීගමුවට ගංජා ප්‍රවාහනය කිරීම සඳහා යොදාගනු ලැබූ කැබ් රථයක් සහ මීගමුවේ සිට මත්ද්‍රව්‍ය බෙඳාහැරිමට යොදා ගත් ලොරියක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
කේරළ ගංජා සඳහා ලැබෙන ඉල්ලීම්වලට අනුව ව්‍යාපාරිකයා යාපනයට ඇණවුම් ලබාදෙන බවත්, ඒ අනුව යාපනයේ සිට මීගමුව දක්වා එම තොග ප්‍රචාහනය කර ඇති බවද මූලික පරික්ෂණවලදී හෙළිවී ඇත. අත්අඩංගුවට ගත් කැබ් රථයේ පිටුපස විශේෂයෙන් සකස්කළ රහසිගත කුටියක අසුරා ගංජා ප්‍රවාහනය කර ඇතැයිද අනාවරණය වී ඇත.
යාපනයෙන් ගෙනෙන මත්ද්‍රව්‍ය දළුපොත සිරකඳවුර පාරේ පිහිටි නිවෙසක් වෙත ගෙන ආ පසු එහිදී බෙදාහැර ඇතැයි හෙළිවී ඇත. ව්‍යාපාරිකයා මෙම දෙමහල් නිවස කුලී පදනම මත ලබාගෙන භාවිතා කර ඇතැයිද පොලිසිය කියයි. එම නිවසේ සැඟවී සිටි පොලිස් නිලධාරීන්ට මත්ද්‍රව්‍ය මිලට ගැනීමට පැමිණි සැකකරුවන් තිදෙනකු හා ඒවා ගෙන යාමට පැමිණි ලොරි රථයද අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මත්ද්‍රව්‍ය ජාවාරම මඟින් උපයාගත් දේපළ පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මුදල් විශුද්ධි කිරීමේ පනතේ ප්‍රතිපාලන යටතේ දේපල රාජසන්තක කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය පියවර ගෙන ඇත.