ජපාන පාලක ලිබරල් පක්ෂ නායකත්වය හිමිවුණු, යොෂිහිඩේ සුගා ඊයේ (16) ජපන් අගමැති ධුරය බාර ගත්තේය. ජපාන අගමැති ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. දශක ගණනක් තිස්සේ ජපානයේ පාලක පක්ෂය ලෙස රටට තායකත්වය දෙන්නේ ලිබරල් පක්ෂයයි.  ලිබරල් පක්ෂ නායකත්වයත් ජපන්
අගමැති ධුරයත් පුරප්පාඩු වූයේ ෂෙන්සෝ අබේගේ ඉවත් වීමෙනි. අබේගේ ඉවත් වීම සිදුවූයේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙනි. පක්ෂ නායකත්වයට පත් වනතුරු යොෂිඩේ සුගා ප්‍රධාන කැබිනට් ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඒ, වසර 8 ක් තිස්සේ, අගමැති ෂින්සෝ අබේගේ සමීපතමයා ලෙසිනි. යොෂිහිඩේ සුගාට පක්ෂ නයකත්වය හිමි වූයේ පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකිනි. පක්ෂ තායකත්වයට හිටපු ආරක්ෂක ඇමැති සහ විදෙස් ඇමැති ද ඉදිරිපත් වූ නමුත් වැඩිදෙනාගේ මනාපය හිමිවූයේ සුගාටය.

ෂෙන්සෝ අබේ, අගමැති ධුරයෙන් ඉවත් වූයේ ධුර කාලය අවසන් කිරීමට වසරක් තිබියදීය. ලබන 2021 සැප්තැම්බරයේ ජපාන මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය. ජනතා ප්‍රසාදය දිනා ගැනීමට හැකිවුවහොත්, එම මැතිවරණයට ඉදිරිපත් වී ජනතා ඡන්දයෙන් දිගටම අගමැති ධුරයේ කටයුතු කිරීමට යොෂිහිඩේ සුගා ට හැකිවනු ඇතැයි  දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  ඉදිරි වසරක කාලයක සුගා ට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවුණු ඇති බවත් දේශපාලන විශ්ලේශකයෝ පැහැදිලි කරති.


-ටොකියෝහිදී(ඒ.එෆ්.පී)-