මහනුවර නගරයේ ඇති සියලුම ගොඩනැගිලි වහාම පරික්ෂණයට ලක් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා භූ විද්යඥයගෙන් සහ ඉදිකිරිම් ක්ෂේත්‍ර ඉංජිනේරුවන්ගෙන් ඊයේ (21) ඉල්ලීමක් කළේය. මෙම නීති විරෝධී අයුරින් ඉදිකර ඇති ගොඩනැගිලි ඇත්නම් ඒවාට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවද ආන්ඩුකාරවරයා කීය.
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේදී කඩා වැටුණු මහල් පහකින් යුත් ගොඩනැගිල්ලට යටවී මරණයට පත්වූවන් සම්බන්ධව රජය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙත කණගාටුව පළ කළ ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවැසීය. අනතුර සිදුවූ අවස්ථාවේ තවත් ජීවිත හානි වන්නට ඉඩ නොතබා පොලිසිය හමුදා නිලධාරින් ඇතුළු ආරක්ෂක අංශ ඔවුන්ගේ ජීර්විත බේරා ගැනීමට ක්‍රියා කිරිම ගැන ඒ සැමට ස්තූතිය පුද කරනවා. මධ්‍යම පළාතේ ඉතාමත් අවිධිමත් අයුරින් විශාල ගොඩනැගිලි ඉදිකිරීම් කර තිබෙන බවට අපට වරින් වර පැමිණිලි ලැබෙනවා. ඒවා ගැන සොයා බැලිය යුත්තේ පළාත් පාලන ආයතනයි. ඒ ගැන සොයා බලන්නේ අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.
මහනුවර නගරයේ හා අවට දැවැන්ත ගොඩනැගිලි ඉතා අනාරක්ෂිතව ඉදිකර තිබෙනවා. මෙවැනි ඉදිකිරීම් සම්බන්ධව නිසි තාක්ෂණය යොදාගෙන තිබෙනවාද කියා සොයා බැලිය යුතුයි. නීති විරෝධීව ඉදිකරන ගොඩනැගිලි සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවල බලධාරින් පියවරක් ගත යුතුයි. පෞද්ගලික වාසිතකා ගොඩනැගිලි සැලසුම් අනුමත කිරිමෙන් නිලධාරින් වැළකී සිටිය යුතුයි. කීප දෙනෙක් නිලධාරින් එකතු වී සමහර පළාත් පාලන ආයතනවල පැත්තේ ක්‍රමයට ඉදිකිරීම් සැලසුම් අනුමත කර මුදල් ලබාගන්නා බවට අපට පැමිණිලි ලැබී තිබෙනවා. මට වගකිව යුතු නිලධාරීන් හරියාකාර තමන්ගේ වගකීම රාජකාරිය ඉෂ්ඨ කරනවා නම් අනවසර ගොඩනැගිලි ඉදිකිරිම් කරන එක නතර කළ හැකියි.
අපටත් නිසි පරිදි පැමිණිලි ලැබිය යුතුයි. ගොඩනැගිල්ලක් හදන්න පෙර ඒ ගැන වගකිව යුතු නිලධාරින් පළාත් පාලන ආයතන ප්‍රධානින් ඔවුන්ගේ කාර්ය භාරය නිසි ලෙස ඉටුකළ නම් බූවැලිකඩ ඇතිවූ අවාසනාවන්ත සිද්ධියක් ඇතිවන්නේ නැහැ. නීති විරෝධිව ගොඩනැගිලි හදනවා නම් ඒ සම්බන්ධව පළාත් පාලන ආයතන ප්‍රධානීන් වගකීමෙන් යුතුව කටයුතු කර පොලිසියට පැමිණිලි කර එලෙස ගොඩනැගිලි ඉදිකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. නීති විරෝධිව ඉදිකරන ගොඩනැගිලි සම්බන්ධවී ඉදිරියේදී නීතිමය පියවර ගන්නවා .
අනවසර ගොඩනැගිලි හදනවා නම් ඒවා ඉදිකරන බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතන ප්‍රධානින් වගකිව යුතුයි. පළාත් පාලන කොමසාරිස්වරයා සමගත් මේ සම්බන්ධව සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් දෙනවා. අනවසර ගොඩනැගිලි ඉදිකිරිම් කරන්ගෙන් සම්බන්ධව මීට වඩා දැඩි අවධානයක් යොමු කර අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වන ජීවිත බේරා ගැනීමට මීට වඩා දැඩි ක්‍රියා මාර්ගයක් ගත යුතුව තිබෙනවා. මහනුවර හන්තානේ කන්ද මුදුනේ ඉතා අනතුරු දායක ලෙස පොකුරු ගොඩනැගිලි ඉදිකර තිබෙනවා. මේවාට අනුමැතිය ලැබුණේ කෙසේද කියා සොයා බැලිය යුතුයි. පෞද්ගලික වාසි තකා ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමෙන් නිලධාරින් වැළකී සිටිය යුතු යැයිද කී ආණ්ඩුකාරවරයා ඉදිකිරිම් ක්ෂේත්රයන්ට සම්බන්ධ විශ්වවිද්‍යාල ඉංජිනේරුවරුන් කැඳවා මහනුවර නගරය පුරා ඉදිකර ඇති අති දැවැන්ත මහල් ගොඩනැගිලි සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කරන බවද පැවැසීය.
-ජේ.ඒ.එල්.ජයසිංහ-