කරන්දෙණිය, යක්කටුව තවාන ප්‍රදේශයේ පෙරේදා 31 වැනිදා රාත්රියේදී කාන්තාවකගේ කැති පහරින් එම නිවසේ ජිවත්වූ ඥාති බාප්පා මරුමුවට පත්වී සැමියා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි. මියගොස් ඇත්තේ කරන්දෙණිය, යක්කටුව, තවාන ප්‍රදේශයේ පදිංචි ඉලන්දාරි දේව ප්‍රේමසිරි නමැති හැත්තෑපස් හැවිරිදි සිවු දරු පියකු වන අතර බරපතළ තුවාල ලබා ඇත්තේ
කැති පහර එල්ල කළ කාන්තාවගේ සැමියා වන ඉලන්දාරි දේව ගුණරත්න නමැත්තකු බව පොලිසිය කියයි. කැති පහර එල්ල කළ බව කියන කාන්තාවත් ඇයගේ සැමියා හා සැමියාගේ පියාගේ සොහොයුරකු වන ඥාති බාප්පාත් එකම නිවසේ ජීවත්වී ඇති බවත් පෙරේදා 31 වැනිදා රාත්‍රියේ ඇතිවූ පවුල් ආරවුලක් මත මේ කාන්තාව සිය සැමියාට හා ඥාති බාප්පාට නිවෙසේ තිබූ කැත්ත ගෙන පහරදී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි.
ඇයගේ කැති පහරින් ඇවිදගෙන යාමට නොහැකිව රෝගීව සිටි ඥාති බාප්පා එතනම මරු මුවට පත්වී ඇති බවත් සිය සැමියා කැති පහර කාගෙන දිව ගොස් ඇති බවත් පොලීසිය කියයි. බිරියගේ කැති පහරින් තුවාල ලැබූ සැමියා පළමුව ඇල්පිටිය මූලික රෝහලටත් ඔහුගේ තත්ත්වය බරපතළ මහයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවත් ඔහුගේ තත්ත්ව ය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
කැති පහරදීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාව පෙරේදා (31 වැනිදා) රාත්‍රියේම ඇයගේ නිවසේ සිටියදී ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. මේ සැකකාරිය කිසියම් රෝගී තත්වයකට දිර්ඝකාලීනව බෙහෙත් පාවිච්චි කරන තැනැත්තියක බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලීසිය කියයි. ඝාතනය වූ තැනැත්තාගේ මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමට ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර මහතා පෙරේදා (31 වැනිදා) රාත්‍රියේම සිද්ධිය වූ ස්ථානයට ගියේය. ඝාතනය වූ තැනැත්තාගේ දේහය ඇල්පිටිය මූලික රෝහලට ගෙන ගොස් අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකු ලවා පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වන ලෙසත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.
-සුනිල් ප්‍රියන්ත-