කරීනා කපූර් ඛාන් සිය දෙවන දරුවා අපේක්ෂාවෙන් සිටින බැවින් කපූර් පවුලම මේ දින වල ඊට ලකලෑස්ති වෙමින් සිටියි. රන්දීර් කපූර්ද කරීනාට ලැබෙන්නට සිටින මෙම දරුවා සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබුණි.
ගර්භණී පරීක්ෂණ වල ප්‍රතිපලයන් දැකීම දෙමව්පියන්ට පමණක් නොව මුළු පවුලටම ශුභ ආරංචියක් බවත් මුළු පවුලම ඉන් සතුටට පත්වනවා පමණක් නොව සැමට වගකීම් පිළිබඳවද නව හැඟීමක් දැනෙන බවත් රන්දීර් කපූර් පවසා ඇත. 'dadu' පාර්ශවයේ පිරිස මෙන්ම 'nanu'පාර්ශවයේ පිරිස ද ඇතුළු සෑම කෙනෙකුම මෙම නව දරුවා පිළිබඳව දැඩි උනන්දුවකින් පසුවන බවද ඔහු පවසයි. එමෙන්ම ළදරුවාගේ නම සාකච්ඡා කිරීමේ සිට, එම දරුවා පිරිමි ළමයෙක් හෝ ගැහැණු ළමයෙක් වේදැයි කල්පනා කිරීම දක්වාම ඒ පිළිබඳව නිරන්තර සාකච්ඡාවක් කපූර් කන්දන් පවුල තුළ පවතින බවද ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමඟ කළ සංවාදයකදී රන්දීර් කපූර්, කරීනාගේ දෙවන දරුවා ලෙස පවුලට පිරිමි දරුවෙකු හෝ ගැහැණු දරුවෙකු මෙසේ එක්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ සතුට ප්‍රකාශ කර තිබේ. එහිදී නව දරුවා දියණියක හෝ පුතණුවෙකු හෝ වේවා එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවන බවත් ඔවුන්ට අවශ්‍ය නිරෝගී දරුවෙක් බවත් රන්දීර් කපූර් වැඩිදුරටත් සඳහන් කර තිබේ. එමෙන්ම මේ වෙනුවෙන් මුළු පවුලම මඟ බලා සිටින බවද ඔහු එහිදී පැවසීය.
රන්දීර් සමාජ මාධ්‍ය හා සම්බන්ධ වී ඇත්තේ මෑතකදී වන අතර විවිධ අවස්ථාවන් වලදී ඔහු විසින් එහි තම දියණියන් වන කරිෂ්මා කපූර් සහ කරීනා කපූර් ඛාන් පිළිබඳව අදහස් මෙන්ම ඡායාරූපද බෙදාහදාගෙන තිබුණි. එමෙන්ම තමන් මෙම තාක්ෂණය සමඟ නිතරම ගනුදෙනු නොකරන බවත් ඒ සඳහා තම දියණියන් දෙදෙනා සහයෝගය දක්වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.
දින කිහිපයකට පෙර කරීනා කපූර් ඛාන් සිය කපූර් පවුලේ අය සමඟ ගනේෂ් පූජාවට සහභාගී වීම සඳහා පිටතට පැමිණි අවස්ථාවේදී ඇයගේ මුහුණේ දීප්තිය මෙන්ම සුන්දරත්වයද තවත් වැඩී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලැබීය. කෙසේවෙතත් ඉතා අලංකාර මෙන්ම දක්ෂ බොලිවුඩ් සිනමා නිළියක් වන ඇයගේ මෙම දෙවන ගැබ් ගැනීමත් සමඟ මේ දිනවල ඇය පිළිබඳව බොහෝ පුවත් නිර්මාණය වෙමින් පවතී.
රිෂ්මි ඉෂාරා