යතුරු කැරැල්ලක් උගුරේ ගිලීමෙන් අසාධ්‍යව රෝහල් ගත කළ මාස හයක් වයසැති දරුවාගේ ජීවිතය වෙද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලය මහත් පරිශ්‍රමයකින් බේරා ගත් බව නිකවැරටිය රෝහල් වෛද්‍ය අධිකාරි වෛද්‍ය සුනිල් රත්නායක මහතා පැවසීය. සාමාන්‍ය ප්‍රමාණයේ යතුරු දෙකකින් යුතු යතුරු කැරැල්ල
මෙම පිරිමි දරුවාගේ
උගුරේ සිරවී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ජීවිතය බේරාගැනීමට විනාඩි කීපයක් තිබියදී හුස්ම ගැනීමටද නොහැකිව රෝහල් ගතකළ බවද වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් දරා යතුරු කැරැල්ල එළියට ගෙන ඇති බවද වෛද්‍ය අධිකාරිවරයා පැවසීය. යතුරු කැරැල්ල එළියට ගෙන දරුවාගේ දිවි බේරාගෙන අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල් ළමා දැඩි සත්කාර ඒකකය වෙත මාරුකර යැවූ බවද මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවද වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.
කඩිගාව ප්‍රදේශයේදී අනතුරට ලක්වූ මෙම දරුවා අනෙක් වැඩිමහලු දරුවා සමග සිටියදී මෙම සිද්ධියට මුහුණ දී ඇති අතර මෙවැනි අනතුරුදායක දෑ කුඩා දරුවන්ට හසු නොවන පරිදි තැබීමට මව්පියන් වගබලා ගත යුතු බවද වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේය. විශේෂඥ කායික වෛද්‍ය ජීවන් පෙරේරා, විශේෂඥ ශල්‍ය වෛද්‍ය අජිත් අත්තනායක, වෛද්‍ය අචිරන්ද මිදිපොලවත්ත, වෛද්‍ය ආශා අබේසේකර යන වෛද්‍ය කණ්ඩායම සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙද හා සෙසු කාර්ය මණ්ඩල පරිශ්‍රමයෙන් දරුවාගේ දිවි බේරාගෙන ඇත.
-ප්‍රියාණි මංගලිකා-