ලක්ෂමන් ජූලා පාලම යනු ඉන්දියානුවන් ශුද්ධ වූ ස්ථානයක් ලෙස හඳුන්වන බෙහෙවින් ජනප්‍රිය ස්ථානයකි. පසුගිය දිනෙක මෙම පාලම මත නිරුවතින් සිටිමින් වීඩියෝවක් රූගත කළ ප්‍රංශ ජාතික කාන්තාවක ඉන්දීය
පොලිසිය විසින් අත්අඩංඟුවට ගෙන තිබුණි.

මෙම පාලම ඉන්දියාවේ රිෂිකේෂ් නගරයේ පිහිටා ඇති අතර ප්‍රංශ යුවතිය එහි රූගත කළ වීඩියෝව සමාජ මාධ්‍යවලද පළ කර තිබුණි. ගංගා නම් ගඟ හරහා ඉදිකර තිබෙන මෙම පාලම ශුද්ධ වූ ස්ථානයක් ලෙස ඉන්දියානුවන් විශ්වාස කරයි. එබැවින් විශාල සංචාරක ආකර්ෂනයක්ද මෙම පාලමට ඇති බව නොරහසකි.

මෙසේ අත්අඩංගුවට ගත් කාන්තාව පවසා ඇත්තේ තම ආභරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වීඩියෝව සිදුකළ බවකි.කේසේ වෙතත් ඇයව ඇප මත මුදා හැරීමට ඉන්දීය පොලිසිය කටයුතු කර තිබුණි. යම්හෙයකින් ඇය මෙම චෝදනාවට වැරදිකාරිය වුවහොත් ඇයට ඉන්දිය අන්තර්ජාල නීති අනුව වසර තුනක සිර දඬුවමක් ලැබීමට සිදුවනු ඇත.
Rishmi Ishara