හුගිය දවස් වල ලංකාවෙ ප්‍රධාන මාතෘකාවක් උනේ ලංකාගම. සුන්දර සිංහරාජෙ කොණක තියන මේ පුංචි ගම්මානෙ, එක මොහොතක දි හැමෝගෙම අවධානයට ලක් වුනා.
ඒ කතාව දැන් සියලු දෙනා දන්නවා උනත්, වැඩි දෙනෙක් නොදන්න තවත් කතාවක් ඒක ඇතුලෙ  තිබුණා.



මේ ගමේ ඉන්නෙත් අපි වගේම මිනිස්සු. වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම ස්වභාවික සුන්දර පරිසරයක ඉන්න මේ ගම් වැසියන්, ගමේ තරුණ ප්රජාව, නූතන ලෝකයත් එක්ක අනාගතයට ගෙනියන්න භෞතිකව ඉදිවුන පාරක් විතරක්ම ප්රමාණවත් නැහැ. ඒ කාරණය හොඳින්ම තේරුම්ගන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙලින්ම කතා කරන්නෙ මේ රටේ සන්නිවේදන ක්ෂේත්රයේ පතාක යෝධයන් වෙන ශ්රී ලංකා ටෙලිකොම් එකට සහ මොබිටෙල් එකට.
ඒ, ලංකාගම මිනිස්සු වෙනුවෙන් 4G අන්තර්ජාල පහසුකම සපයන්න අවශ්ය මැදිහත්වීම කරන්න.

ටෙලිකොම්  සහ මොබිටෙල් එක කොහොමත් ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවන රටාවත් එක්ක බද්ධ වෙලා කාලයක් තිස්සෙ වැඩකරන තැනක්. ඒ නිසා ඒ අය බොහොම ලස්සනට, ඉක්මනට මේ අවශ්යතාවය ගන උනන්දු වෙලා වැඩ කරනවා. ඒ හින්දා තමයි බොහොම වේගවත් පියවර රැසක ප්රතිඵලයක් විදියට ලංකාගමට 4G තාක්ෂණය එන්නෙ.

ලංකාගම මිනිස්සුන්ට දැන් ලෝකය ඇඟිලි තුඩක දුරින් තියෙන්නෙ. සංචාරක කර්මාන්තය, කිතුල් කර්මාන්තය වගේ සම්ප්රදායික ජීවන රටාව විශ්ව ගම්මානයට අරන් ගිහින් ආර්ථික ප්රතිලාභ ඒ පාරෙන්ම අරන් එන්න පාරක් කැපිලා. තිරසාර සංවර්ධනයට හොඳම උදාහරණය විදියට ලංකාගම ඉහළින්ම වැජඹෙන දවස වැඩි ඈතක නෙවේ. ශ්රි ලංකා ටෙලිකොම් එකට පුළුවන් කවදාහරි දවසක තමන් කපලා දුන්න ඒ මාවතේ යන අනාගත දරුවන් දිහා බලාගෙන බොහොම අව්යාජ ප්රීතියක් භුක්ති විඳින්න.

ලංකාගමට 4G තාක්ෂණය පිරිනමලා අහක බලාගන්නවා වෙනුවට නව තාක්ෂණික විද්යාගාරයක් පිහිටුවන්නත් ඔවුන් කටයුතු කරලා තියෙන්නෙ අන්තර්ජාල සාක්ෂරතාවයේ වැදගත්කම ගැන හොඳට හිතලා විය යුතුයි.
ස්වභාවික පරිසරය , ගැමිකමේ සාරධර්ම, මේ සියල්ල නිර්මාණශීලී චින්තනයෙන් හැඩවෙලා නවීන තාක්ෂණය එක්ක මුසුවෙලා හැදෙන ප්රතිඵලය අපිට අනාගතේ දවසක දැකගන්න ලැබේවි.

ඒ කතිකාව ගොඩනගන්න ගරු ජනාධිපතිතුමා විසින් තෝරාගෙන තියෙන්නෙ ඒකට හරියටම ගැලපෙන චින්තනයක් තියන ආයතනය.

ඉතිහාසෙදි අපි දැක්කා, ටෙලිකොම් එක සාමාන්ය ජනතාවගේ පාරම්පරික චින්තනය එක්ක නවීන තාක්ෂණය එක්ක මුහු කරන හැටි. අවුරුදු උත්සව වල ක්රීඩා, ජන ගී, සම්ප්රදායික සහල් වර්ග වගේ විෂය ක්ෂේත්ර වලටත් ටෙලිකොම් එක මැදිහත් උනේ ලෝකයේ ඉහලම තාක්ෂණයක් එක්ක ගණුදෙනුව පවත්වන අතරෙදිමයි.

ශ්රී ලංකේය කියන හැඟීම ගොඩනගන්න ඔවුන් ගන්නා උත්සාහය අපි අගය කලයුතුයි.
ඉතින් අතිගරු ජනාධිපතිතුමාටත්, ශ්රී ලංකා ටෙලිකොම් සභාපතිතුමන්ටත්, මේ ඉතිහාසගත කාරණය වෙනුවෙන් මැදිහත් උන ටෙලිකොම්  සහ මොබිටෙල් කාර්යමණ්ඩලයටත් ජාතියක් විදියට අපේ ගෞරවය පුදකිරීම යුතුකමක්.