මාකඳුරේ මදුෂ් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින අවස්ථාවන් බන්ධනාගාර කොමසාරිස්වරයකු එහි ගොස් තුටුපඬුරු ලබාගෙන ඇතැයි "කොස්ගොඩ තාරක" නමැන්නා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ
කැකුණවෙල මහතා ඉදිරියේ ඊයේ (25) කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව එම ප්‍රකාශයේ ඇති සත්‍ය අසත්‍යතාවයක් සම්බන්ධයෙන් අදාළ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙම මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මදූෂ් නමැත්තාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට බලාපොරාත්තුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු බන්ධනාගාර නිලධාරින්ට මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (25) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය. මෙම මෙම සිදයට අඳුළ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක අරුම්පහදී ජනිත් මධුසංබ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී' නමැත්තා වූ බන්ධනාගාරය විසින් දැඩි ආරක්ෂාවක් සහිතව අධිකරණයට ඊයේ (25) ඉදිරිපත් කරනු ලැබීය. මෙහි පළමු සැකකරු ලෙස නම් කර සිටින ධර්මකීර්තිගේ තාරක පෙරේරා විජේසේකර නොහොත් 'කොස්ගොඩ තාරක" නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කිරීම් කරන බව නියෝජ්‍ය
සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝග ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 18 වැනිදා බූස්ස බන්ධනාගාරයට ගොස් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන්
කරගෙන ඇති බවත් එහිදී ඔවුන් ප්‍රකාශ වෙමින් සඳහන් කර ඇත්තේ තමන් එවැනි තර්ජනයක් නොකළ අතර තමන්ට
සිදුවන අපහසුකම් පිළිබඳව පමණක් පැවසූ බවත් යන්න නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්
දුන්නේය. නියෝජ්‍ය සොලිසිටර් ජරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙහි පළමු සැකකරු වන

ධර්මකීර්තිගේ තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක තිස්තුන් හැවිරිදි පුද්ගලයකු වන අතර දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින අරුමා හදි ජනිත් මධුසංඛ නමැත්තා තිස් එක් හැවිරිදි වියේ පසුවන අයකු බවත් දෙදෙනාටම දරුවන් සිටින බවත්ය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දෙමින් ප්‍රකාශ කළේ, මෙම සැකකරුවන් දෙදෙනා සිය ප්‍රකාශය දෙමින් සඳහන් කර ඇත්තේ සිය උපවාසය දින පහක් පවත්වාගෙන ගිය බවත්, කිසිදු තර්ජනයක් සිදු නොකළ අතර තමන්ගේ දුක්ගැනවිලි පමණක් ඉදිරිපත් කළ බවත් ය. කෙසේ වෙතත් සිරකරුවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන්නේ නම් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිය පියවර ගත යුතුව ඇති බවත්, ආහාර වර්ජනය අතරතුර උපවාසකරුවන් බන්ධනාගාර ආපනශාලාවෙන් දින කිහිපයකට සරිලන සේ අතිරේක ආහාර පවා ගෙන්වා ගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, අපරාධ පරික්ෂණ
දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන් ළමාහේවා, ප්‍රධාන පොලිස් පරික්ක ජයසේකර, පොලිස් පරික පෞද්වත්ත යන මහත්වරු වැඩිදුර වාර්තාවක් ද සමගින් අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙම සිද්ධියට අදාළ පළමු සැකකාර කොස්ගොඩ තාරක නමැත්තාට අයත් ගිනි අවි 30ක් හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බවත් මෙහි දෙවැනි සැකකරු 2016 වර්ෂයේ දී මන්දුව ජාවාරමකටද සම්බන්ධ වී ඇති බවට අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සඳහන් කළේය. මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වන ‘පොඩි ලැසී”

නමැත්තා පසුගිය නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙසට තමා කල් ඉල්ලීම සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයක් සිදුකර ඇති බවත් තමන් එවැනි ඉල්ලීමක් කළේ සැකකරුගේ
ආරක්ෂාව ගැන මතොච මහජනතාවගේ ආරක්ෂාව උදෙසා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්

මෙම සිද්ධියේ සැකකරුවන් දෙදෙනාට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත්
පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හෙරොයින් ජාවාරමට අදාළව පොඩි ලැසී නමැත්තා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහීදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සඳහන් කළේය.
සැකකාර ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” විත්තිතුඩුවේ සිට අත ඔසවමින්, තමන්ට ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලීය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුගෙන් විමසා සිටියේ “තමන්ට එරෙහිව කොපමණ තඩු සංඛ්‍යාවක් අධිකරණය හමුවේ පවතිනවාද?" යන්නය. තමන්ට එරෙහිව එක් නඩුවක් පමණක්
මෙම අධිකරණයේ ක්‍රියාත්මක වන අතර එම නඩුව සම්බන්ධයෙන් ඇප නියමව ඇතැයි ද සැකකරු අධිකරණයට දැනුම් දු න්නේය. (අදාළ නඩුවට ඇප නියමව ඇතත් මෙම සැකකරු තවමත් බන්ධනාගාරයේ රැඳී සිටින බව මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දුන්නේය.
“හැමදාමත් ඇප නොතියා ඉන්න බැහැනේ" මහේස්ත්‍රාත්වරයා එසේ සඳහන් කළ අතර, “මේක මොවුන්ගේ ක්‍රමවේදය තමයි ස්වාමීනි. ඔවුනගේ සහායට සහ ආරක්ෂාවට සුළු වැරදිවලට බන්ධනාගාර ගතවන අයවලුන් ද සිටිනවා " වශයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. “හැමදාමත් ඇප නොතියා ඉන්න බැහැ. ඇප තියන්න බැරි හේතුව කියන්න ඕන. බන්ධනාගාරය කියන්නේ හැමදාම ඉන්න
පුළුවන් තැනක් නෙමෙයි නේ” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙත දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාර පොඩි ලැසී නමැත්තා ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබිය.
(නිමන්ති රණසිංහ)