‘India’s Best Dancer’නර්තන රියැලිටි වැඩසටහනේ තරඟකරුවන් දෙදෙනෙකු කොවිඩ් 19 වෛරසය සඳහා ධනාත්මක වීමත් සමඟ එම ප්‍රදර්ශනයේ විනිශ්චය මණ්ඩලයේ සිටි දිවා මලෙයිකා ආරෝරා ද COVID-19 සඳහා ධනාත්මක වූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.


මෙම වැඩසටහනේ තවත් එක් කොටසක් සැප්තැම්බර් 7 වන සඳුදා දින රූගත කිරීමට සූදානම්ව සිටි නමුත් මේ වන විට එහි කාර්ය මණ්ඩලය විසින් එම කටයුතු කල්දමා ඇත.

නැවත දැනුම් දෙන තුරු මෙම රූගත කිරීම් මෙසේ කල් තබා ඇත. එමෙන්ම මේ වන විට එහි සියලුම තරඟකරුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කොවිඩ් 19  පරීක්ෂණ සඳහා යොමුකර ඇත. ඔවුන්ගේ ප්‍රතිපල තහවුරු වීමෙන් පසුව පමණක්, නැවතත් වැඩසටහනේ රූගත කිරීම් ආරම්භ කෙරෙන බවත් ඒ සඳහා නව දිනයන් ප්‍රකාශයට පත් කරන බවත් අදාළ නිළධාරීන් පවසා තිබේ.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ සෙට් එකේ අනෙකුත් සියලු දෙනා ඍණාත්මක ප්‍රතිචාර දක්වන්නේනම් , එළඹෙන බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා නැවතත් රූගත කිරීම් සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

එමෙන්ම මලෙයිකා මේ දින වල නිරෝධායනය වීම හේතුවෙන් අවම වශයෙන් ඇයට තවත් සති කිහිපයක් මෙම කටයුතු වලින් ඈත් වී සිටීමට සිදුවනු ඇත. කෙසේ වෙතත්, ඉදිරි වැඩසටහන් කිහිපය සඳහා ඇය වෙනුවට ආදේශ කිරීමට නිෂ්පාදන බලාපොරොත්තු වන පුද්ගලයෙකු පිළිබඳව තවමත් එම ආයතනයට කිසිඳු සැලසුමක් නැත.

එමෙන්ම වෙනත් විනිශ්චයකරුවෙකු ලබා ගැනීමට තමන් අදහස් නොකරන බවත් මලෙයිකා සුවය ලැබූ විගසම නැවත ප්‍රසංගයට පැමිණෙනු ඇතැයි ඔවුන් විස්වාස කරන බවත් වැඩසටහන් බළධාරීන් පවසයි. එමෙන්ම වැඩසටහන් දෙකක් හෝ තුනක් සඳහා, වෙනත් විනිසුරුවරයෙකු යොදාගත නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

කෙසේවෙතත් අනෙක් සෑම රූපවාහිනී වැඩසටහනක් මෙන්ම,  සියලු දෙනාගේම සමාජීය දුරස්ථභාවය හැකිතාක් පවත්වා ගෙන යාම සඳහා මෙන්ම අනෙකුත්  සනීපාරක්ෂක කටයුතු පුළුල් කිරීම සම්බන්ධයෙන්ද මොවුන් වැඩි සැලකිල්ලක් දැක්වීමට සූදානමින් සිටියි.

රිෂ්මි ඉෂාරා