තම බිරිය සපා කෑ සුනඛයෙකු කඩුවකින් පහර දී මරා දැමූ මූල්‍ය ආයතන කළමනාකාරවරයෙක් මාවනැල්ලේ දී පෙරේදා (22) රාත්‍රී 10 ට පමණ මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මීට සති දෙකකට
පෙර මෙම කාන්තාව අසල්වැසි නිවෙසක සිටිය දී ඇගේ කකුල මෙම සුනඛයා විසින් සපා කා ඇති බවත් ඇය මෙම සුනඛයාට මෙයට පෙර පහරදීමක් සිදුකර ඇති බවත් පොලිසිය කළ පරික්ෂණවලදී හෙළි වී ඇත.
සැකකරු දින ගණනාවක සිට මෙම සුනඛයා සොයා ඇති අතර 22 වැනි දින සවස අසල්වැසි නිවසක සුනඛයා සිටින බව දැක එම නිවැසියන්ගේ බලවත් විරෝධය මැදට කඩුවකින් කපා මරා දමා ඇති බවට එම නිවෙස් හිමියන් මාවනැල්ල පොලීසියට පැමිණිලි කර ඇත. මාවනැල්ල පොලිස් නිලධාරින් පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සපා කා තුවාල ලත් කාන්තාවගේ ද ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසියට කැඳවා තිබේ. වැඩිදුර පරික්ෂණ මාවනැල්ල පොලිසිය සිදු කරයි.
-පී.ශාන්ත බණ්ඩාර-