කොහුවල, දුටුගැමුණු මාවතේ වාහන අලෙවිකරුවකු තමාට වාහනයක් විකුණන බව අගවමින් රුපියල් කෝටියක මුදලක් වංචාකර එම මුදලින් විටින් විට රුපියල් ලක්ෂ 75 ක් පමණක් ගෙවා ඉතිරි ලක්ෂ
25වංචාකර සැගවී සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් මහතා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබේ. තමා 2018 වසර වනවිට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිධුරය දරමින් සිටි අතර එම වසරේ ඔක්තෝබර් මාසයේදී එම ධුරයෙන් ඉවත්වූ පසුව රජයේ නිල වාහන බාරදුන් නිසා පෞද්ගලික පරිහරණයට වාහනයක් මිලදී ගැනීමට තීරණය කළ බවද මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අනුව තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා එම වසරේ නොවැම්බර් මස 28 වැනි දින කොහුවල දුටුගැමුණු මාවතේ වාහන අලෙවි සලකට ගොස් මිට්සුබිෂි මොන්ටෙරෝ ජීප් රථයක් මිලදී ගැනීමට කතිකා කරගත් බවද තමා ඊට කැමැත්ත පළ කර රුපියල් කෝටියක මුදලක් දුන් බවද එම පැමිණිල්ලේ සදහන් කර තිබිණි.
එහෙත් වාහන අලෙවිකරු පොරොන්දු වූ පරිදි මුදල් ගෙවූ දින පස්වරුවේ වාහනය නිවසට ගෙනැවිත් නොදුන් අතර දින තුනකින් දෙන බවත් නැවත දින කීපයකින් ලබාදෙන බවටත් පොරොන්දු වුවද මේ දක්වා කිසිදු දිනක වාහනය ගෙනැවිත් නොදුන් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත. වාහන අලෙවිකරු වංක ලෙස කටයුතු කරමින් මොන්ටෙරෝ ජීප් රථය සඳහා තමාගෙන් මුදල් ලබාගත් බවත් බොරු පොරොන්දු දී හා නැවත මුදල් ඉල්ලීමේදී අගරු චෙක්පත් කීපයක් දුන් බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ. කෙසේ වෙතත් මුදල් දෙනතුරු ඇපයක් ලෙස පාවිච්චි කර තබා ගැනීම සඳහා වාහන අලෙවිකරු තමාට වෙනත් මෝටර් රථයක් දුන් බවද පැමිණිල්ලේ සඳහන් කරන මන්ත්‍රීවරයා කෙසේ හෝ විටින් විට ලක්ෂ 75 ක මුදලක් පමණක් ලබාගත් බවද සඳහන් කර ඇත.
වාහන අලෙවිකරු මේ වනවිට තමාගේ ඉතිරි රුපියල් ලක්ෂ 25 නොදී සැගවී සිටින බවද දුරකථන ඇමතුම් වලට පවා පිළිතුරු නොදෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් මහතා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ. එමගින් වාහන අලෙවිකරු සාපරාධී විශ්වාස කඩකිරීමක් සහ තමාගේ මුදල් දේපළ සාපරාධී අයථා භාවිත කිරීමක් කර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයිද මන්ත්‍රීවරයා එම පැමිණිලෙන් ඉල්ලා තිබේ.
-රංජන් කස්තුරි-