ඒ අනුව එම දේශීය සිවුරු අවශ්‍යතාව සපුරාලීමට අප රට තුළදීම සිවුරු නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දැනුවත් කරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය පිණිස පැමිණි කෝට්ටේ පාර්ශවයේ අනුනායක පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීම් සිදුකළේය.
තවද තායිලන්තය, මියන්මාරය, ලාඕසය වැනි රටවල ස්වාමීන් වහන්සේලාට ඔවුන්ගේ රට තුළ නිපදවන ඔවුන්ටම අනන්‍ය වූ සිවුරු ඇති බවත්, ලංකාවේ ස්වාමීන් වහන්සේලාට එවැනි අනන්‍යතාවක් නිර්මාණය කර ගැනීම කළ යුතු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වස්වාමීන් වහන්සේ කරුණු පැහැදිලි කළේය.
සියලු කරුණු පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව කර්මාන්ත අමාත්‍යවරයා පැමිණ සිටි නිලධාරීන් හමුවේ කියා සිටියේ හැකි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි. ඒ අනුව නිසි ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ගනිමින් සිවුරු නිෂ්පාදනයට අවශ්‍ය අධ්‍යයනයන් සිදුකරන ලෙස මෙම සාකච්ඡාවට පැමිණ සිටි ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟළුම් අභ්‍යාස ආයතනයේ නිලධාරීන්ට ඇමතිවරයා උපදෙස් ලබා දුන්නේය. ඔවුන් විසින් නිපදවන රෙදි යොදා ගනිමින් ප්‍රමිතියෙන් යුතු සිවුරු නිර්මාණය කිරීම සහ ඒවා දේශීයව විකිණීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස ලංකා සළුසල ආයතනයේ සභාපතිවරයාට ඇමතිවරයා විසින් මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.