අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගියදා (04දා) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්රවණාගාරයේදීය ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය හා විජය පුවත්පත් සමාගම සමඟ නව අවබෝධතා ගිවිසුමකට එළඹෙන අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජප්පක්ෂ මහතා,
අද රටේ තරුණ තරුණියන් 99%ක් අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා ඉන්නේ. අපි තීරණය කළා ක්‍රීඩා පුහුණුව සම්බන්ධව පාඩම් මාලාවක් සකස් කරලා අන්තර්ජාලය හරහා ගමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදෙන්න. ඉන් පුහුණුකරුවන් අඩුකම සාමාන්‍ය දුරට හරි පුරවන්න.
ක්‍රිකට් ආයතනය, පාපන්දු සංගමය සතුව හොඳ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තිබෙනවා. ඒ හරහා යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා මම නිරීක්ෂණය කළා. මෙම ක්‍රමවේදය සංවිධානාත්මකව ගමට ගෙනියන ක්‍රමයක් අපි කල්පනා කළා. ක්‍රීඩකයගෙන් භාගයක් විතර ඉන්නේ ජංගම දුරකථනයත් එක්ක. ජිම් එකේ බැලුවත්, එක්සයිස් කරන ගමන් වුණත් බලන්නේ ෆෝන් එක. ක්‍රීඩා පිටියේ වටයක් දුවලා වෙනදා වතුර බොන්න නැවතුනාට, දැන් නවතින්නේ ෆේස්බුක් එකේ නැත්නම් වට්ස්අප් එකේ මැසේජ් බලන්න. ඒක තමයි ඇත්ත කතාව. ඒක කොහොමද ක්‍රීඩාවට පාවිච්චි කරන්නේ කියන කාරණය තමයි අපට ඊළඟ අභියෝගය.
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් හොඳ පුහුණුකරුවන් ඉන්නේ ප්‍රධාන සංගම් තුළ. ඒ පුහුණුකරුවන්ගෙන් ගමේ ඉන්න ළමයින්ට පුහුණුවක් ලබාගන්න ලැබෙන්නේ නැහැ.
ජාතික කණ්ඩායමට හෝ සංචිතයට තේරී පත් වුණොත් විතරයි මේ පුහුණුකරුවන්ගෙන් පුහුණුවක් ලබාගත හැකි වෙන්නේ. අපි තීරණය කළා සංගමයක ඉන්න ජාතික තලයේ පුහුණුකරුවා හා ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩකයා හරහා ඔන්ලයින් පාඩම් මාලාවක් සකස් කරන්න.
ගමේ පුහුණුකරු වැරදි උපදෙස් ලබා දෙනවානම්, ඒ ක්‍රීඩකයා ඔන්ලයින් පාඩම් මාලාව බලලා නිවැරදි දේ තේරුම් ගනියි. ක්‍රීඩකයෝ ගෙදර ගිහිනුත් පුහුණුවීම් කරනවා. වීඩියෝ බලලා තමන්ගේ අඩුපාඩු හදා ගන්නවා. මම උත්සාහ කරන්නේ ඒ ක්‍රමවේදය. ක්‍රීඩකයා කැමති විදියට ලබාදෙන වැඩපිළිවෙළක් ගොඩ නගන්න. කබඩි ක්‍රීඩාවේ ඉන්දියාවේ ගිහින් සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ ඉන්නවා. ඔවුන් කබඩි ක්‍රීඩාවේ ප්‍රසිද්ධයි. ඒ අයත්, ජාතික පුහුණුකරුත් පාවිච්චි කරලා හොඳ පුහුණු වැඩසටහන් මාලාවක් හදන්න පුළුවන්නම් ගමේ දරුවට පුහුණුකරුවෙක් නැතත් මේ හදන වීඩියෝ එක බලලා හරි යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
ඒවගේම ක්‍රීඩා පාසල් සියල්ල වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සමඟ ගිවිසුම් ගත කරලා NVQ අධ්‍යාපන මට්ටම් හරහා සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගය කළා හා සමානවම පිළිගැනීමේ තත්වයට ගේන්න කටයුතු කරනවා. ඒ ක්‍රමවේදය නිසා මින් ඉදිරියට කියන්න බැහැ විභාගය නිසා ක්‍රීඩාව නැවැත්තුවා කියලා. ක්‍රීඩා කළ නිසා විභාගය අසමත් වුණා කියලා චෝදනා කරන්නත් බැහැ. අධ්‍යාපනයයි ක්‍රීඩාවයි එකට ගමන් කරන්න ක්‍රමවේදයක් අපි සකස් කරනවා.
මින් ඉදිරියට ජාතික සංචිත තෝරන්න අමාත්‍යවරයා මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. දැන් වෙන ක්‍රමවේදය අනුව වෙන්නේ තෝරලා එවන එක ක්‍රීඩා අමාත්‍යවරයා අත්සන් කරනවා. ගැටලුවක් වුණාම ඇමතිවරයා තමයි වැරදිකාරයා වෙන්නේ. මින් පසුව ක්‍රීඩා සභාව හරහා ජාතික කණ්ඩායම් හා සංචිත නිර්දේශ කිරීමෙන් පස්සේ තමයි ක්‍රීඩා ඇමතිවරයා ලෙස මම අනුමැතිය ලබා දෙන්නේ.
මම දකින්නේ ක්‍රීඩාව රටට, සමාජයට, ආණ්ඩුවට, දෙමාපියන්ට බරක් නොවිය යුතුයි. ලෝකේ හැම රටකම දරුවෙක් ක්‍රීඩාවේ නියැළෙනවා කියන්නේ අම්මා තාත්තාට ආදායමක් ලැබෙනවා. අපේ රටේ දරුවෙක් ක්‍රීඩාවක් කරනවා කියන්නේ අම්මා තාත්තාට වියදම් ගොඩක්. සපත්තු දෙක, ට්‍රැක් කිට් එක අරන් දෙන්නේ කොහොමද, ළමයා කොළඹට එවන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. අපි මේ තත්වය වෙනස් කළ යුතුයි” යනුවෙන් පැවසීය.