ජාතික ක්‍රීඩා සංගම්වලට සහ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යෝගා හදුන්වාදීමේ ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රවීණ යෝගා ගුරු නන්ද සිරිවර්ධන මහතා අතර 22 දා ක්‍රීඩා අමාත්‍යාංශයේදී තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නිමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන්
පැවැත්විණි. තරගකාරි ලෝකයක, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ශාරීරික හා මානසික යෝග්‍යතාව වැඩි දියුණු කරගැනීමේ මාර්ගයක් ලෙස යෝගා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා හඳුන්වා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය පෙර යෝජනා කර තිබිණි. එහි එක් පියවරක් ලෙස ප්‍රවීණයෝ ගුරු නන්ද සිරිවර්ධන මහතා සමග ජාතික ක්‍රීඩා සංගම් සඳහා යෝගා හඳුන්වාදීමට ඇති හැකියාව සොයා බැලීමේ සාකච්ඡාව පවත්වා තිබිණි.
මෙරට ජාතික සංචිත සඳහා යෝගා සහ භාවනා කිරීම් අවශ්‍ය බව තරුණිය සහ ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණු අතර, ලබන මස සිට සෑම ජාතික සංචිතයක්ම යෝගා සැසියකට එක්විය යුතු බවත්, අවම වශයෙන් සතියකට දෙවතාවක්වත් භාවනාව සමගින් යෝගා වැඩසටහනක් පවත්වන්න තීරණය කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යට පවසා තිබිණි. මෙම සකච්ඡාවට තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට අමතරව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසුරිය මහතා සහ සමෘද්ධි , ගෘහ ආරථික, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන සහ ඌන උපයෝජිත රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇත්ළු පිරිසක් එක්ව සිටියහ.
-පැතුම් ශ්‍රි විජේරත්න-