ත දරුවකු වඩාගෙන සැමියා සමග නුගේගොඩ ෆිල් මාවතේ යමින් සිටි රූමත් කාන්තාවකට අයුතු යෝජනාවක් කර ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් හමුදා සෙබළුන් තිදෙනකු පෙරේදා (10) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන සෙබළුන් තිදෙනෙකි. පැමිණිලිකාර කාන්තාව සැමියා හා දරුවා සමග
එම ප්‍රදේශයේ උපන් දින සාදයකට සහභාගී වී මධ්‍යම රාත්‍රියේදී නිවෙස කරා පා ගමනින් යමින්  සිටියදී ඉදිරියට පැමිණෙමින් සිටි සැකකාර සෙබළුන් තිදෙනා එම කාන්තාවට අයුතු යෝජනාවක් කර තිබූ බව පොලිසිය කියයි.


එය කන වැකුණු සැමියා සෙබළු තිදෙනා හා බහින්බස් වීමේදී අවට නිවැසියන් මෙන්ම උපන්දින සාදයට සහභාගී වී නිවෙස් කරා යමින් සිටි පිරිස් එම ස්ථානයට එක්රොක් වී සෙබළු තිදෙනාට පහර දීමට උත්සාහ කිරීමත් සමගම එයින් දෙදෙනකු පලා  ගොස් තිබූ අතර එක් සෙබළකු එම පිරිස විසින් අල්ලාගෙන පොලිසියට බාරදෙනු ලැබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. පොලිසිය මගින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු කොහුවල යුද  හමුදා කඳවුරට අනුයුක්ත සෙබළකු බවට අනාවරණය වීමෙන් අනතුරුව ඉතිරි දෙදෙනා පිළිබඳ ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා එම කඳවුරේ අය බව අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව එම සෙබළුන් දෙදෙනා පිළිබඳ යුද හමුදා කඳවුරේ උසස් නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු එකී සෙබළුන් දෙදෙනාද පොලිසියට භාරදුන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.  ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එච්. හැරිසන් මහතා පරීක්ෂණ පවත්වයි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)