මෝස්තර නිරූපණ ශිල්පී රූමත් බිරිඳ විවිධ පුද්ගලයන්ට  මුදලට විකුණා හෙරොයින් මත්කුඩු පානයේ යෙදුණු සංචාරක  මගපෙන්වන්නකු හා එම යුවළට මත්කුඩු සැපයූ දෙදෙනා රුපියල් ලක්ෂයකට ආසන්න මත්කුඩු
සමග පානදුරේ දී පෙරේදා (19) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.  සැකකරුවන් සමග මත්කුඩු ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් හා ජංගම දුරකතන හයක් හා රුපියල් 5000 ක මුදලක්  පොලිසිය භාරයට ගෙන ඇත. පානදුර නගරය ආසන්නයේ විහාරස්ථානයක් අසල සැක කටයුතූ ලෙස
රැඳී සිටි සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදී එම යුවළ සන්තකයේ මත්කුඩු මිලිග්‍රෑම් 210ක් තිබී හමුවීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට මත්කුඩු සැපයූ පුද්ගලයන් දෙදෙනා පිළිබඳව තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි. එම තොරතුරු අනුව එම යුවළට මක්කුඩු රැගෙන  දෙහිවල සිට ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනා පානදුර අලුත් පාලම අසලදී අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී එම පුද්ගලයන් ළග තිබී මත්ගුඩු ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසිය.

මිතුරකුගේ මාර්ගයෙන් මොවුන් මත්කුඩු පානයට මුලින්ම යොමු වී තිබූ බව ප්‍රශ්න කිරිමේ දී හෙළිවූ බව පොලිසිය කියයි. සැකකාරියගේ ජංගම දුරකතනය පරික්ෂා කිරිමේදී  කාන්තාවගේ අඩ නිරුවත් ඡායාරූප රැසක් තිබූ බවත් මේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම ඡායාරුප තම මිතුරියන්ගේ බවත් විවිධ පුද්ගලයන්ට එම ඡායාරුප වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ පෙන්වා ඔවුනොවුන් සම්බන්ධකර මුදල් උපයා මත්කුඩු පානය කරන බවත් සැකකාරියගෙන් ප්‍රශ්න කිරිමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. එක් දරු මවක් වන සැකකාරිය 31 හැවිරිදි තැනැත්තියක  බවත් සැකකරු 35 හැවිරිදි පුද්ගලයකු බවත් පොලිසිය  කියයි.  සැකකාරිය හා සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-