පාර්ලිමේන්තුවේදී ප්‍රභූවරයකුගේ ගමන් මල්ල පරික්ෂා කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා ස්ථාන මාරු කරනු ලැබුවේ විනය කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් යැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.



ප්‍රභූවරයකුගේ ගමන් මල්ලක් පාර්ලිමේන්තුවේ දී පරික්ෂා කරන්නට නොහැකි දැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  කතානායකවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී ප්‍රභූවරයකුගේ ගමන් මල්ලක් පරික්ෂා කිරීමට පොලිසියට හැකියාව තිබෙන බව කී කතානායකවරයා ඉහත සිද්ධියේදී පොලිසිය අතින් යම් විනය කඩවීමක් පිළිබඳව වාර්තා වී තිබෙන්නේ යැයි ද ස්ථාන මාරුව ලබාදී ඇත්තේ ඒ හේතුව නිසායැයි ද සඳහන් කළේය.
 -අංජුල මහික වීරරත්න-