පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන ආ බව කියන රජයේ මුද්‍රණාලයේ සේවකයෝ තිදෙනෙක් පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වැලිකඩ පොලිසියට ඊයේ (22) බාරදෙනු ලැබූහ. මේ සම්බන්ධයෙන් එම සේවකයන් තිදෙනාගෙන් ප්‍රශ්න
කරගෙන යන බව වැලිකඩ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. මේ උල් කතුර හමුවී ඇත්තේ එම සේවකයන් විසින් පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබූ ලිපිද්‍රව්‍ය පාර්සලයක් ඇතුළේ තිබියදීය.
මේ පාර්සල් එක්ස්රේ පරික්ෂණ යන්ත්‍ර මගින් පරික්ෂා කිරීමේදී උල් කතුර දැක ගන්නට ලැබී ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබිණි.
මේ පාර්සල් රජයේ මුද්‍රණාලයේ දී සැකසූ සේවකයන්ගෙන් ද අද (23) ප්‍රකාශ සටහන් කරගන්නා බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමක දී ඇය සඳහන් කළේ මේ සිද්ධිය තමාට පොලිසියෙන් දැනුම් දී ඇති බවයි.
සිද්ධිය පිළිබඳව වැලිකඩ පොලිසියේ නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති.