පැමිණිල්ලක් විභාග කිරීමට යැමේදී මොරවක කොඩිකාරගොඩ ඇටකාලගම ප්‍රදේශයේ ගම්වාසීන් අතර නොසන්සුන්තාවක් ඇතිවීම සම්බන්ධයෙන් මොරවක පොලිසියේ සේවය කරනු ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනකු වහා ක්‍රියාත්මකවන පරිදි මාතර මුලස්ථාන පොලිසියට මාරු කර යැවීමට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා පෙරේදා (05) පියවර ගත්තේත්ය.
තමාට පිරිසක් පහර දීමට සිටින බවට එම ප්‍රදේශයේ වතු අධිකාරිවරයකු පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් පැමිණිල්ලකට අනුව එය විභාග කිරීමට අදාළ සැරයන්වරුන් දෙදෙනා ගොස් තිබේ. චෝදනාවට ලක් වූ පුද්ගලයා සෙවීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ පියා බියට පත්ව බිම ඇද වැටී මිය ගොස් තිබෙන බව කියති. එම හදිසි මරණයත් සමග ප්‍රකෝප වූ ගම්වැසියෝ පැමිණිල්ල යොමු කළ වතු අධිකාරිවරයා හා පැමිණිල්ල විභාග කිරීමට පැමිණි පොලිස් සැරයන්වරුන් දෙදෙනාට එරෙහිව විරෝධය පා තොසන්සුන්ව හැසිරුණහ.
පොලිස් සැරයන්වරුන් දෙදෙනාට වත්තෙන් පිටතට යාමට නොහැකි වන පරිදි ප්‍රවේශ මාර්ගවලට ගල් හා කොටන් යොදා අවහිර කළ ගම්වාසීහු පොලීසියට හු කියමින් කලබලකාරි ලෙස හැසිරෙන්නටද වූහ. මේ තත්වය මත මොරවක, පිටබැද්දර, කොස්මෝදර, ඌරුබොක්ක, දෙනියාය පොලිස් ස්ථානවල නිලධාරින් ද වහා එම ස්ථානයට කැඳවීමට පොලිසිය ක්‍රියා කළේය.
පොලිස් නිලධාරීන් ගම්වාසීන් සමග සාකච්ඡා කර තත්ත්වය සමථයකට පත් කර ගැනීමට උත්සාහ කළද එම සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ අතර ඔවුන් කියා සිටියේ අදාළ පොලිස් සැරයන්වරුන් දෙදෙනා වතු අධිකාරීවරයාගේම පැත්ත ගනිමින් පරුෂ වචනයෙන් බැණ වැදී බිය වැද්දවීම හේතුවෙන් මරණය සිදු වූ බවයි. පසුව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත්, සහකාර පොලිස් අධිකාරි 2 යූ.පී. චන්ද්‍රසේන, කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති එච්.කේ. කමල් යන මහත්වරු පැමිණ ගම්වාසීන්ට කරුණු අවබෝධ කර දුන්හ.
සැරයන්වරුන් දෙදෙනා බීමත්ව ඇත්දැයි සෙවීමට වෛද්‍ය පරික්ෂණයකට ලක් කරන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් ද විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙසත් ගම්වාසීහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ. ඊට එකඟතාව පළ කිරීමෙන් පසු ගම්වාසීහු විසිර ගියහ. මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්වූ අතර මහේස්ත්‍රාත් නියෝගය මත පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සිසිර සෙනවිරත්න මහතා සඳහන් කළේ හෘදයේ සෛල මියයාම නිසා ඇති වූ සංකූලතාවක් මත එම මරණය සිදුව ඇති බවයි. සැරයන්වරුන් දෙදෙනා ද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබූ අතර ඔවුන් මත්පැන් පානය කර නොමැති බව අනාවරණය වී තිබුණි.
-ක්‍රිෂාන් ජීවක-