කොරෝතා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලතින් නිරෝෂන් නමැති 16 හැවිරිදි දරුවාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ඖෂධ නිෂ්පාදනය, සැපැයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වන්න ජයසුමන මහතාගේ
මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඊයේ (28) පරිත්‍යාග කෙරිණි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මැදිහත්වීමෙන් දිලීප හේරත් හා වෛද්‍ය ප්‍රසන්න රත්නායක මහත්වරුන්ගේ මූල්‍ය දායකත්වයෙන් මෙම මුදල් පරිත්‍යගය සිදුකර තිබේ. ලෙනින් නිරෝෂන් දරුවා වෙත එම මුදල පිරිනැමීම රාජ්‍ය අමාත්‍යවරයා අතින් එම අමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (28) සිදු කෙරිණි.
මෙම දරුවාගේ අනාගතය වෙනුවෙන් දෙනෙත් පාදාදීමට අවශ්‍ය සියලු කටයුතු සඳහා තමන් මැදිහත්වන බව රාජ්‍ය අමාත්‍ය චනන් ජයසුමන මහතා මෙහිදී පැවසීය. එමෙන්ම දැඩි ආර්ථික අපහසුතාවට පත්ව සිටින මෙම දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා කීවේය. ලෙනින් දරුවාගේ පියා වන කේ.කේ. අනිල් කුමාර මහතා සහ මව වන කේ.කේ. සුජාතා කුමාරි මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
-ඩයනා උදයංගනී-