සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්ෂණය කර තිබේ.
මේ හේතුවෙන් ජනාධිපතිතුමාගේ, අග්රාමාත්යතුමාගේ සහ ඉහළ පෙළේ රාජ්ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතු අතර ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණක් බවයි ජනාධිපතිතුමා අවධාරණය කර ඇත.
මේ නියමය කඩකරන විදුහල්පතිවරුනට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම් දී තිබේ.