ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිවිසෙන පිටුපස පිවිසුම (පින්නියරය) අසල සැක කටයුතු ලෙස හැසිරුණු කාන්තාවක් එම පිවිසුම් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියට 10 වැනිදා උදේ බාර දෙනු ලැබුවාය. සැකකාරිය බොහෝ වේලාවක් ඒ ප්රදේශයේ සැකකටයුතු ලෙස සැරිසරා
ඇතැයි පැවැසෙන අතර පොලිස් නිලධාරින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අවස්ථාවේදීය. අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඇය පොලිස් නිලධාරින්ට බැණ වදිමින් කලබලකාරී ලෙස හැසිරි ඇතැයි ද වාර්තා විය.මේ සම්බන්ධයෙන් අප මිරිහාන පොලිසියේ නිලධාරියකුගෙන් කළ විමසුමක දී ඒ නිලධාරියා පැවැසුවේ සැකකාරියපොලිසියේ රඳවාගෙන ප්රශ්න කරගෙන යන බවයි. පදිංචිය පිළිබඳව නිවැරදි තොරතුරක් ඇය නොපවසන බව ද එම නිලධාරියා කීය.
පාස්කු ඉරුදින ප්රහාරයෙන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්රදේශ ඉලක්ක කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්රියාත්මක කරනු ලැබීය. පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳ කමිටුවේ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී 9 වැනිදා පැවැත්වුණු අතර පාර්ලිමේන්තූවේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ තීරණ කිහිපයක් එහි දී ගෙන ඇත. මේ සාකච්ඡාවට ආරක්ෂක ලේකම්වරයා ද ත්රිවිධ හමුදාපතිවරු හා වැඩබලන පොලිස්පතිවරයා ද සහභාගි වූහ.
-අංජුල මහික වීරරත්න-