ඊයේ 19 රාත්‍රී කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ පැවති රයිගම් ටෙලීස් 2019 සම්මාන උළෙලේ හොඳම නිළිය හා ජනප්‍රියම නිළිය යන සම්මාන ද්විත්වයම ශලනි තාරකා හට හිමිවීම විශේෂත්වයක් විය.

ශලනි තාරකා අ.ඩෝ. නාට්‍යයේ කමනි ලෙස කළ රංගනය වෙනුවෙන් හොඳම නිළි සම්මාන දිනාගත්තාය.

මෙවර හොඳම නළුවා සම්මානය ආනන්ද කුමාර උන්නැහැ හට හිමි විය.
ජනප්‍රියම නළුවා වූයේ රවීන් කණිෂ්කයි.
විශිෂ්ටතම නාට්‍ය ලෙස සුදු ඇඳගෙන කළු ඇවිදින් සම්මාන දිනූ අතර හොඳම අධ්‍යක්ෂණය වීරයා ගෙදර ඇවිත් නාට්‍ය අධ්‍යක්ෂණය කළ ආනන්ද අබේනායකට හිමි විය.
ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට පත්වූයේ තණමල්විල කොල්ලෙක් නාට්‍යයයි.

සම්මාන ලාභීන්ගේ සම්පූර්ණ ලැයිස්තුව මෙතැනින් -රයිගම් ටෙලීස් 2019 Award Winners

උත්සවයේ මුලින් ජනප්‍රියම නිළිය සම්මාන දිනූ ශලනි තාරකා දෙවනුව හොඳම නිළිය සම්මානය දිනාගත් අවස්ථාවෙහි වීඩියෝව පහතින්