රියා චක්රබූර්තිගේ පෙම්වතා වන සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණයට අදාළ නඩුව සම්බන්ධයෙන් සීබීඅයි විසින් අඛණ්ඩව සිව්වන වරටත් රියා චක්රබූර්තිගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇත.
රියා සහ ඇගේ සොහොයුරා වන ෂොයික් චක්රබූර්ති සඳුදා අලුයම මුම්බායි වෙත පැමිණ ඇත්තේ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලබා දීමටයි. කෙසේවෙතත් රාජ්පුත්ගේ සියදිවි නසා ගැනීමට අනුබල දුන් බවට චෝදනා ලැබූ ඇගේ සහෝදර සහෝදරියන්වද සීබීඅයි විසින් ඉරිදා දින පැය නවයකට ආසන්න කාලසීමවක් තුළ ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ. රියා සහ ඇගේ සහෝදරයා ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඉන් පිට වී ඇත්තේ රාත්‍රී 7 ට පමණය. මෙය රියාගේ සිව්වන ප්‍රශ්න කිරීමේ වාරයයි. ෂොයික්ව ප්‍රශ්න කර ඇත්තේ පස්වන වරටයි.
පසුගිය සිකුරාදා පැය 10 කට ආසන්න කාලයක් රියාගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කර ඇති අතර මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඇගේ නිවස අසළ රැඳී සිට තිබේ. එබැවින් මෙවර පොලිස් ආරක්ෂාව යටතේ ආපසු සිය නිවස බලා යාමට ඇයට අවසර ලබා දී තිබේ.
රියා සහ සුෂාන්ත්ගේ සොහොයුරිය වන මිතු සිං අතර හරස් ප්‍රශ්න ඇසීමක්ද මෙහිදී සිදු වී තිබේ. තහවුරු කර නොතිබුණද, සීබීඅයි විසින් කරුණු සත්‍යාපනය කිරීමට මෙම උපක්‍රමය යොදා ගන්නා බව වාර්තා වේ. මෙම ප්රකාශයන්හි සත්‍යතාවයක් තිබේ නම්, රාජ්පුත්ගේ අභාවයෙන් පසු රියා ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය වේ.
කෙසේවෙතත් මෙම නඩුවට සම්බන්ධ ප්‍රශ්න කිරීම් තවමත් සිදුවෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් කළ පුද්ගලයින් 16 දෙනෙකුගේ ප්‍රකාශ අදාළ විමර්ශන සඳහා භාර දී තිබේ.
රිෂ්මි ඉෂාරා