පසුගියදා සියදිනවි නසාගත් බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ආදරයෙන් ඇතිදැඩි කළ බව කියන බල්ලන් කිහිපදෙනෙකු ඔහුගේ මරණින් පසු අසරණවීම සම්බන්ධ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මරණයට දිනකට පෙර සුෂාන්ත් සිං රාජ්පුත්ගේ ලොනවල ගොවිපොළේ භාරකරු හට සිය බල්ලන් තිදෙනා රැකබලා ගැනීම සඳහා ඔහු විසින් මුදල් ගෙවා ඇත. මේ හේතුවෙන් ගොවිපොළේ අයිතිකරු නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ රොට්වයලර් පැටවුන් තිදෙනා හදාවඩා ගැනීමට සූදානම් බවද පවසා ඇත.
අමර්, අක්බාර් සහ ඇන්තනි ලෙස නම් කරන ලද මෙම සුනඛයන් ඔහුගේ ලෝනවල ගොවිපොළේදී රැකබලා ගනු ලැබ ඇති අතර දිගටම එම කාර්යය එහිදී සිදුවනු ඇත. එහි භාරකරු රයිස් පැවසා ඇත්තේ ජුනි 14 වන දින මිය යාමට දිනකට පෙර සුෂාන්ත් සුනඛයින්ගේ රැකවරණය සඳහා තම ගිණුමට මුදල් මාරු කර ඇති බවත් ජුනි 14 දා දහවල් රූපවාහිනී ප්රවෘත්ති නාලිකා වල සුෂාන්ත්ගේ සියදිවි නසාගැනීම පිළිබඳව ආරංචි වූ මුලදී තමාට එය විශ්වාස කිරීමට පවා නොහැකි වූ බවයි.
සුෂාන්ත් මෙම ගොවිපොළ කුලියට ගෙන ඇති නමුත් එය මිලදී ගැනීමටද ඔහු සිය කැමැත්ත පළ කළ බවද රයිස් පැවසීය. එමෙන්ම 2020 මැයි මාසයේදී මේ සම්බන්ධයෙන් වන ගිවිසුම කල් ඉකුත්වී තිබුණද, සුෂාන්ත් සිං ජුනි සහ ජූලි මාස සඳහා ද අත්තිකාරම් ගෙවා ඇති බව අනාවරණය වී ඇත. සුෂාන්ත්ගේ හදිසි මරණයෙන් මාස තුනකට පසු, මධ්‍යම විමර්ශන කාර්යාංශය, බලාත්මක කිරීමේ අධ්යක්ෂ මණ්ඩලය සහ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය යන ආයතන තුනවිසින් මෙය විමර්ශනය කරනු ලැබ තිබේ.
කෙසේවෙතත් සුෂාත්ගේ සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය වන රියා චක්‍රවර්තිට එරෙහිව සුෂාන්ත්ගේ පියා චෝදනා ගොනු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටු විසින් මේ වන විටත් නඩුවට සම්බන්ධ කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත.
රිෂ්මි ඉෂාරා