විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (23) පැවසීය. එම ප්‍රකාශය සනාථ කිරීමට බන්දුල තිලකසිරි මහතා කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාත්, හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාත් අතර ඇති වූ දුරකතන සංවාදයක් පටිගත කළ සී.ඩී. තැටියක් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළේය. එම දුරකතන හඬපටය ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ බන්දුල තිලකසිරි මහතා, කඩුවෙල හිටපු මහේස්ත්‍රාත්වරයා නීතිය අවභාවිත කර ඇති බව කොමිසම වෙත දැනුම් දුන්නේය.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සේවය කරන විට පොදු දේපළ පනත අවභාවිත කර ඇති බව සඳහන් කර මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය තමාට එරෙහිව බොරු සාක්ෂි මත නඩු පවරා රිමාන්ඩ් බාරයට පත් කිරීම මගින් දේශපාලනිකව පලිගෙන ඇති බව සදහන් කර බන්දුල තිලකසිරි මහතා ඉදිරිපත් කර ඇති පැමිණිල්ල කොමිසම හමුවේ යළි කැඳ වූ අවස්ථාවේ ඔහු එලෙස සඳහන් කළේය. මෙම ජනාධිපති කොමිසම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්විය.
-දසුන් රාජපක්ෂ-