ඝාතනයට ලක්වූ ගොනා කෝවිල රොහාගේ ප්‍රතිවිරුද්ධ කල්ලි නායකයා වූ කුඩු අංජු ඉතාලියේ සිට රොහාගේ මළගෙදරට යන සියලුදෙනාම බාවන බවට අනතුරු හඟවා ඇත.
රොහාගේ මළ සිරුර තම බල ප්‍රදේශය වන ගල්කිස්සට රැගෙන නොඑන ලෙසත්, රෝහලේදීම මිනිය වළදමන ලෙසත් අංජු අනතුරු හඟවා ඇත.

ගල්කිස්ස කුඩු පාතලයේ කිරුළ වෙනුවෙන් සටන් කළ ගොනා කෝවිලේ රොහාට එරෙහිව ගොනා කෝවිලේ අංජු සටනට ප්‍රවිශ්ඨ වන්නේ තම සොහායුරා වන ලංසියා රොහාගෙන් ඝාතනය වීමත් සමගය.

රොහාව ඝාතනය කරන ඕනෑම කෙනෙක්ට රුපියල් කෝටි 3ක් දෙන බවද අංජු මීට පෙර ප්‍රසිද්ධියේ කියා තිබුණි.

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ඊයේ (23) රාත්‍රියේ දී  ඝාතනයට ලක්ව තිබුණි.
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් ට්‍රොලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට පළායාමට උත්සහ දරද්දී
සැකකරු අත්අඩංගුවට ගැනිමට යෑමේදී පොලීසියට වෙඩිතබා ඇති අතර පොලීසිය සිදුකළ වෙඩි තැබිමෙන් සැකකරු මියගොස් තිබුණි.

තොරතුරු - තිස්ස රවීන්ද්‍ර පෙරේරා