අභාවප්‍රාප්ත නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ කළමනාකරු වූ දීෂා සාලියන්, බන්ටි සජ්දේගේ මෙම ආයතනය සමඟ පසුගිය දිනවල වැඩ කර ඇත. එමෙන්ම ඇය සුෂාන්ත් සිං රාජ්පුත් සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ද මෙම සමාගම සමඟ වැඩ කරමින් සිටියදීය.
සුෂාන්ත් සිං රාජ්පුත්ගේ ඝාතන නඩුව හැකි සෑම කෝණයකින්ම විමර්ශනය කිරීම සඳහා මධ්‍යම විමර්ශන මණ්ඩලය කටයුතු කරන අතර, මියගිය නළුවාගේ පෙම්වතිය වන දිෂා සම්බන්ධයෙන් වන විමර්ශන වලදී බන්ටි සජ්දේගෙන්ද ඔවුන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇත.
2008 දී පිහිටුවන ලද බන්ටීගේ මෙම ආයතනය ඉන්දියාවේ ප්‍රමුඛතම ආයතනයක් වන අතර කීර්තිමත් පුද්ගලයින් හා සංගම් මෙම ආයතනය සමඟ අනුග්‍රාහකත්වය දක්වමින් විශාල වශයෙන් විවිධ ක්‍රියාවන් සිදුකරයි. බොලිවුඩ් හා ක්‍රිකට් ලෝකයත් දීෂා සහ බන්ටි සජ්දේට අයත් මෙම සමාගමත් සුෂාන්ත්ගේ මරණයට සම්බන්ධකමක් පෙන්වන බවට හිටපු නිලධාරියෙකු වන ආර් වී එස් මානි මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත. එමෙන්ම මෙහි
වඩාත් සංකීර්ණ දේශපාලන සම්බන්ධතාවයක් හා කුමන්ත්‍රණයක් තිබේ ඇති බවද මනි පවසා ඇත.
බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ජුනි 14 වන දින මුම්බායි හි බන්ඩ්‍රා හි පිහිටි ඔහුගේ නිවසේදී මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ නළුවා සියදිවි නසාගෙන ඇති බවයි. නමුත් අභාවප්‍රාප්ත නළුවාගේ පියා වන කේ.කේ. සිං චෝදනාවක් ගොනු කිරීමත් සමඟ මෙම මරණය පිළිබඳව ඉන්දීය පොලිසිය මේ වන විට සංකීර්ණ විමර්ෂණයක යෙදී සිටියි.
Rishmi Ishara