කිහිපයේදීම ඔහු රෝහලේ ජීව ආධාරක යන්ත්‍ර ආධාරයෙන් සිටි බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඔහු තමන් ප්‍රතිකාර ලබමින් සිටින බර්ලින් නුවර චැරිටේ රෝහලේ පඩිපෙළක් බසින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ප්‍රසිද්ධ කරමින් තමන් දැන් වඩාත් හොඳින් සිටින බව පෙන්නුම් කර ඇත.
රුසියානු ජනපති විලැදිමීර් පූටින්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියෙකු වන විපක්ෂ නායක නවෙල්නි පුටින්ගේ දරුණු විවේචකයෙකු ලෙසද සැලකෙයි. පසුගිය මාසයේදී ඔහු එක්වරම රෝගී වීමෙන් අනතුරුව සයිබීරියාවේදී සිදු කළ පරික්ෂාවේදී යම් විෂ ශරීරගත වීමක් සිදුව ඇති බව අනාවරණය විය. ඒ අනුව ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් එක්ව නවෙල්නි වහාම ජර්මනිය වෙත ගුවන් මගින් රැගෙන යාම සිදු විය. මෙම අවස්ථාවේදීද රුසියානු බලධාරීන් තමන්ට බාධා කළ බව පක්ෂයේ සාමාජිකයන් පවසයි.