නිතර ආන්දෝලනයට තුඩු දෙන සිදුවීම් මතුකරන පිටිදූවේ සිරිධම්ම හිමි නොහොත් අරහත් සමන්ත භද්‍ර තෙරට අයත් දෙහිවල ආශ්‍රමයේදී පසුගියදා පැවති උත්සවයක ඡායාරූපවල දැක්වුණ ඇඳුමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය කථාබහක් ඇති විය.
මෙම උත්සවය පැවතුනේ රූපලාවන්‍යවේදී චන්දිමාල් ජයසිංහගේ
මවගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් දානයක් ලෙසයි.
මෙම දානයට චන්දිමාල් හා සමීප නිළියන් හා නිරූපිකාවන් කිහිප දෙනෙකු පැමිණි අතර මතභේදයට තුඩු දුන් ඇඳුම ඇඳ සිටියේ එලෙස පැමිණි නිරූපිකාවක යයි අනුමාන කෙරේ.
ඇගේ ඇඳුමේ යට කොටස ඇඟට ඇලුණ ස්වරූපයක් පෙන්නුම් කළ අතර සිරුරේ සැඟවිය යුතු කොටස් ඉස්මතු කිරීමක් ලෙස ඒ ගැන විවේචන පළ විය.එම ඇඳුම පන්සලකට නොගැළපෙන්නක් ලෙස විවේචන මතු විය. එසේම එදින උත්සවයේ සියලුම මස් මාළු වර්ග දානයට පිළියෙල කිරීමත් විවේචනයට ලක්විය.


කෙසේ වෙතත් මෙම විවේචන සම්බන්ධයෙන් සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ පිළිතුරු සැපයීමක් සිදු කර තිබේ.
එහිමියන් පවසන්නේ පන්සලේ 'ඩ්‍රෙස් කෝඩ්' පැවතුණත් එය පෝයට විපස්සනාවට අදාළ වුවද එවැනි උත්සව වලට අදාළ නැති බවයි.  මස් වර්ග ආහාරයට ගැනීම අද දානයකදී සුලබ බවත් එය ගැටලුවක් විය යුතු නැති බවත්ය. එසේම පන්සලට යාබදව කුරුල්ලන් නිදහස් කරද්දී පන්සලේ මැරුණ සතුන් ආහාරයට ගැනීම ගැනද ස්වාමීන් වහන්සේ කරුණු දක්වා ඇත.
මතුභේදයට තුඩු දුන් ඡායාරූප හා ස්වාමීන් වහන්සේගේ කතාව පහතින්



photo courtesy Naveen PhotoGraphy