දරුවෙකු කෙතරම් වයසින් වැඩුණත් දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ ඔවුන් ජීවිතයේ සෑම මොහොතක්ම ඉතා ආදරණීය ලෙස ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් ඔවුන්ගේ ජීවිතයේ ප්රීතිජනක විශේෂ අවස්ථාවන් මතකයේ තබා ගැනීමට ඔවුන් සෑම විටම උත්සහ දරයි. දෙමාපියභාවය වැලඳ ගැනීම යනු යුවළකට ආශීර්වාදයක් වන
අතර ඔවුන් සෑම මොහොතකම ඔවුන්ගේ කුඩා දරුවන් සමඟ ආදරයෙන් සිටීමට කටයුතු කරනු ඇත. ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා සහ රාජ් කුන්ද්‍රා ද ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා වන වියාන් රාජ් කුන්ද්‍රා සහ සමීෂා ෂෙට්ටි කුන්ද්‍රා සමඟ ඉතා ආදරනීය ලෙස ගත කරන ජීවිතය පිළිබඳව අපූරු මතකසටහනි කිහිපයක් බෙදාහදාගෙන තිබුණි. ඔවුන් දෙදෙනා 2012 දී පුත් වියාන්ගේ පැමිණීමත් සමඟ දෙමාපිය භාවය වැළඳගෙන ඇති අතර පසුව ඔවුන්ගේ දියණිය වන සමීෂා පවුලට එකතු වීමත් සමඟ සිය පවුල සම්පූර්ණ වූ බව ඇය පවසා ඇත.
2020 පෙබරවාරි 21 වන දින, ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා සහ රාජ් කුන්ද්‍රා විසින් තම බිලිඳිය වන සමීෂා ෂෙට්ටි කුන්ද්‍රාගේ පැමිණීම නිවේදනය කර ඇති අතර දරුවා ඇගේ මවගේ ඇඟිල්ල අල්ලාගෙන සිටින ඡායාරූපයක් ද ඔවුන් සමාජ මාධ්‍යය ඔස්සේ පල කර තිබුණි. ශිල්පා එහි ශීර්ෂපාඨයෙහි "Om Shri Ganeshaya Namah!" යනුවෙන් සඳහන් කර තිබුණි. එමෙන්ම දෙවියන් ඔවුන්ගේ යාඥාවන්ට ඇහුම්කම් දී ඇති බවත් සමීෂා ෂෙට්ටි කුන්ද්‍රාගේ මෙම පැමිණීම නිවේදනය කිරීම ගැන ඔවුන් ඉතා සතුටට පත්වන බවත් ප්‍රකාශ කර තිබුණි.
සමීෂාගේ නමේ ‘ස’අක්ෂරයෙන් ““to have”” යන අර්ථයත් ‘මිෂා’ යන්නෙන් “someone like God” යන අර්ථයන් විදහා දැක්වේ. කෙසේවෙතත් ඇය තම දියණිය වෙනුවෙන් සියලු ආදරය හා ආශිර්වාදය ලබා දෙන ලෙසත් ඉල්ලා සිට ඇත. තම දියණියගේ උපත සිදුවී මාස 7ක් ගතවීමත් සමඟ දරුවාගේ දෑත් හා පාද සහිත ඡායාරූපයක්ද ඇය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහදාගෙන තිබුණි.
කෙසේ වෙතත් ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා සහ රාජ් කුන්ද්‍රා තම දියණිය වන සමීෂා ෂෙට්ටි කුන්ද්රාට දැන් වයස මාස හතක් වන බව දන්වමින් දරුවාගේ වීඩියෝවක් ද පල කර තිබුණි. එහිදී කුඩා දැරියගේ හැසිරීම් රටා පිළිබඳවද අදහස් දක්වා තිබූ ශිල්පා සමීෂාට තමන් ආදරය කරන බව පවසමින් සුභ උපන්දිනයක් යනුවෙන් ඇයට සුභපතා තිබුණි.
Rishmi Ishara