ප්රවීණ ඉන්දීය පසුබිම් ගායක එස්පී බාලසුබ්රමනියම් අද (25) සිකුරාදා චෙන්නායි රෝහලකදී අභාවප්රාප්ත විය. එස්පීබී ලෙස ජනප්රිය වූ බාලසුබ්රමනියම් මරණයට පත්වන විට 74 වන වියේ පසුවූ අතර ඔහුගේ මරණයට හේතුව කොරොනා වෛරස්
ආසාදනයයි.
මීට මාස දෙකකට පමණ පෙර අගෝස්තු 5 වන දින කොවිඩ් -19 සඳහා “මෘදු” රෝග ලක්ෂණ සහිතව ඔහු එම්.ජී.එම්. හෙල්ත්කෙයාර් රෝහලට ඇතුළත් කර තිබූ අතර මේ මස මුලදී ගායකයාගේ චිත්රපට නිෂ්පාදක පුත් එස්.පී. චරන් පවසා ඇත්තේ තම පියා කොවිඩ් -19 ප්රතිකාර ලබාදෙන බවත් දිගටම කෘත්රිම වායු ආධාරක මගින් ජීවත්ව සිටින බවයි.
තමා රෝහල් ගත කර ඇතිමුත් ඉක්මණින් සුවවී නැවත වැඩට බැසීමට සූදානම් බවට සුබ්රමනියම් මහතා මුල් දිනවල සිය රසිකයින් අමතා ෆේස්බුක් හි වීඩියෝ සටහනක්ද බෙදාගෙන තිබුණි.
කෙසේ වෙතත් පසුගිය සතිය තුළ ඔහුගේ තත්වය දරුණු අතට හැරුණ බව රෝහල් ආරංචි වාර්තා කර තිබේ.
74 හැවිරිදි එස්පී බාලසුබ්රමනියම් වසර 55 කට ආසන්න කාලයක් පුරා වෘත්තීය ජීවිතය තුළ ගීත 40,000 කට වඩා ගායනා කර තිබේ.